عن أبي ذر رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «إِذَا صُمْتَ مِنَ الشَّهْرِ ثَلاَثاً، فَصُمْ ثَلاَثَ عَشْرَةَ، وَأرْبَعَ عَشْرَةَ، وَخَمْسَ عَشْرَةَ». عن قتادة بن ملحان رضي الله عنه قال: كانَ رسولُ اللهِ صلى الله عليه وسلم يَأمُرُنَا بِصِيَامِ أيَّامِ البِيضِ: ثَلاثَ عَشْرَةَ، وَأرْبَعَ عَشْرَةَ، وَخَمْسَ عَشْرَةَ. عن ابن عباس رضي الله عنهما قال: كانَ رسولُ اللهِ صلى الله عليه وسلم لاَ يُفْطِرُ أيَّامَ البِيضِ في حَضَرٍ وَلاَ سَفَرٍ.
[حديث أبي ذر حسن. حديث قتادة صحيح. حديث ابن عباس حسن] - [حديث أبي ذر رواه الترمذي والنسائي وأحمد. حديث قتادة بن ملحان رواه أبو داود والنسائي وابن ماجه. حديث ابن عباس رواه النسائي]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ දර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මාසයේ දින තුනක් බැගින් උපවාසයේ ඔබ නිරත වන විට, දහතුන, දහහතර හා පහළොව යන දිනයන්හි උපවාසය රකින්න.“ කතාදා ඉබ්නු මිල්හාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. දහතුන, දහහතර හා පහළොව යන අය්යාමුල් බීල් (හෙවත් චන්ද්රයාගේ සුදුවන් පැහැය හොඳින් වැඩී ඇති දිනයන්හි) උපවාසයේ නිරත වීමට අපට අණ කරන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් සිටියහ. ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා -තුමා විසින් වාර්තා කරන ලදී. පදිංචි ස්ථානයේ සිටිය දී හෝ ගමනක නිරතව සිටිය දී හෝ අය්යාමුල් බීල් දිනයන්හි උපවාසයෙන් මිදෙන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිටියේ නැත.
හසන් ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ දර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.අහෝ අබූ දර්! ඔබ උපවාසයේ නිරත වන විට,එනම් මාසයේ දින තුනක් අතිරේක උපවාසයේ නිරත වන්නට සිතූ විට දහතුන,දහහතර හා පහළොව යන දිනයන්හි උපවාසය රකින්න.එනම් මාසයේ දහතුන් වැනිදාද ඉන් පසු දින දෙකක් ද උපවාසය රකින්න යන්නයි.මෙම දින තුනෙහි චන්ද්රයාගේ සුදුවන් පැහැය හොඳින් වැඩී ඇති බැවින් අය්යාමුල් බීල් යනුවෙන් හඳුන්වනු ලැබේ.සෑම මාසයකම මෙම දිනයන්හි උපවාසයේ නිරත වීම අතිරේක නැමදුමකි. ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා -තුමා විසින් වාර්තා කරන ලදී.අය්යාමුල් බීල් හි උපවාසෙන් මිදෙන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිටියේ නැත.එනම් දහතුන දහහතර හා පහළොව යන දිනයන්ය.එය චන්ද්රයා පූර්ණව ආරම්භයේ සිට අවසානය දක්වා පිහිටා ඇති බැවිනි.අල්ලාහ්ට කෘතගුණ සැලකීමක් වශයෙන් එහි උපවාසයේ නිරත වීම ගැලපෙන කරුණකි.පදිංචිව සිටියද ගමනක සිටියද යන ප්රකාශය වනාහි ඉන් අදහස් කරනුයේ ඒ අවස්ථා දෙකෙහිම එතුමා උපවාසයේ නිරතව සිටි ඇති බවයි.නමුත් එහි උපවාසයේ නිරත වීම වැදගත් සුන්නාවක් පමණි.එමෙන්ම මාසයේ මැද එය පිහිටා ඇති බැවින් උපවාසය සඳහා යෝග්ය කාලයක් වේ. වස්තුවක මැද වඩාත් සාධාරණීයයි. බලන්න:අල් ෆත්හු(4/227),මිර්කාත් අල් මෆාතීහ්(4/566),ෆය්ලුල් කදීර් (1/395),දලීලුල් ෆාලිහීන්(7/72)

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර