عَنْ عَائِشَةَ أُمِّ المُؤْمِنينَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ:
كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْعَشْرُ أَحْيَا اللَّيْلَ، وَأَيْقَظَ أَهْلَهُ، وَجَدَّ وَشَدَّ الْمِئْزَرَ.
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1174]
المزيــد ...
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්රවේශ වූ විට, රාත්රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”
[صحيح] - [متفق عليه] - [صحيح مسلم - 1174]
රමළාන් මාසයේ අවසන් දින දහය ප්රවේශ වූ විට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ රාත්‍රිය මුළුමණින්ම විවිධ නැමදුම් වර්ග තුළින් ජීවමාන කළහ. සලාතය සඳහා තම පවුල අවදි කළහ. සුපුරුදු පරිදි සිදු කරන නැමදුම්වලට වඩා අමතරව කැපවීමෙන් කටයුතු කළහ. ඒ සඳහා කාලය වෙන් කර තම බිරියන්ගෙන් දුරස්ව සිටියහ.