1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් ඔබේ මුදලින්, ඔබේ ජීවිතයෙන් හා ඔබේ දිවෙන් මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ට එරෙහිව අරගල කරනු

عن أنس رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال:
«جَاهِدُوا المشركين بأموالكم وأنفسكم وألسنتكم».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබේ මුදලින්, ඔබේ ජීවිතයෙන් හා ඔබේ දිවෙන් මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ට එරෙහිව අරගල කරනු."

صحيح رواه أبو داود والنسائي وأحمد سنن أبي داود - 2504

විවරණය

දේවත්වය ප්‍රතික්ෂේප කරන කලහාකාරී මිථ්‍යදෘෂ්ටිකයින් සමග අරගල කරන මෙන් ද ඔවුනට මඟපෙන්වීමේ දී තමන්ට හැකි සෑම ක්‍රියාමාර්ගයක් යොදවා කැපවන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එය අල්ලාහ්ගේ ප්‍රකාශය උසස් කරවනු පිණිසය.
පළමුවැන්න: ඔවුන් සමග කරන අරගලයේ අවශ්‍ය කළමනා මිලදී ගැනීම, ඒ සඳහා කැපවන මුජාහිද්වරුන් හට වියදම් කිරීම වැනි කටයුතු සඳහා මුදල් වැය කිරීම ය.
දෙවැන්න: ඔවුන් හමුවීමටත් ඔවුන් වළක්වාලීමටත් තම ආත්මය හා ශරීරය කැප කිරීම.
තුන්වනුව: මෙම දහම වෙතට ඔවුන්ට මුවින් ඇරයුම් කිරීම, ඔවුනට සාධක ඉදිරිපත් කිරීම, ඔවුන්ව නරකින් වැළක්වීම හා ඔවුනට ප්‍රතිචාර දැක්වීමය.

හදීසයේ හරය

  1. මිථ්‍යදෘෂ්ටික බහුදේව වාදීන් සමග ජීවිත පුදමින්, ධනය වැය කරමින් හා මුවින් දැනුම්වත් කරමින් තමන්ගේ සියලු හැකියාවන්ට අනුව අරගල කිරීමට උනන්දු කරවීම. සැබැවින්ම අරගලය යනු ජීවිතය පිදීම මත පමණක් සීමාවන්නක් නොවේ.
  2. අරගල කිරීම සඳහා කර ඇති නියෝගය අනිවාර්යය වගකීමකි. ඇතැම් විට ෆර්ලු අයින් හෙවත් සැමට අතිශය අනිවාර්යය කටයුත්තක් වන අතර ඇතැම් විට ෆර්ලු කිෆායා හෙවත් පිරිසකට පමණක් ප්‍රමාණවත් අනිවාර්යය කටයුත්තක් වේ.
  3. අරගල කිරීම කරුණු කිහිපයක් සඳහා අල්ලාහ් නියම කර ඇත. පළමුවැන්න: බහුදේවවාදය හා බහුදේවවාදී මිත්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව අරගල කිරීම. ඊට හේතුව අල්ලාහ් කිසිවිටෙක ෂිර්ක් හෙවත් ඔහුට කරන ආදේශය පිළිගන්නේ නැති බැවිනි. දෙවැන්න: අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ මාර්ගය අවහිර කරන බාධක ඉවත් කිරීම. තුන්වැන්න: අකීදා හෙවත් ප්‍රතිපත්තිය, ඊට පටහැනි විශ්වාසයන්ගෙන් ආරක්ෂා කිරීම. සිව්වැන්න: මුස්ලිම්වරුන්, ඔවුන්ගේ දේශයන්, ඔවුන්ගේ මාන්‍යය හා ඔවුන්ගේ දේපළ ආරක්ෂා කිරීම.

අර්ථ කථන නිරීක්ෂණය

48 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية