عَنْ مُعَاذٍ رَضِيَ اللَّهُ عَنْهُ:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا وَجَّهَهُ إِلَى الْيَمَنِ أَمَرَهُ أَنْ يَأْخُذَ مِنَ الْبَقَرِ مِنْ كُلِّ ثَلَاثِينَ تَبِيعًا أَوْ تَبِيعَةً، وَمِنْ كُلِّ أَرْبَعِينَ مُسِنَّةً، وَمِنْ كُلِّ حَالِمٍ -يَعْنِي مُحْتَلِمًا- دِينَارًا أَوْ عَدْلَهُ مِنَ المَعَافِرِ، ثِيَابٌ تَكُونُ بِالْيَمَنِ.
[صحيح بشواهده] - [رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد] - [سنن أبي داود: 1576]
المزيــد ...
මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු ව යමන් දේශයට යැවූ කල්හි, ගවයින්ගෙන් සෑම තිහකටම (වසරක් සම්පූර්ණ වූ) තබීආ හෙවත් වස්සෙකු හෝ තබීආ හෙවත් වැස්සියකු (සකාත් ලෙස) ගන්නා මෙන් ද සෑම හතළිහකටම (වසර දෙකක් සම්පූර්ණ වූ) මුසින්නා හෙවත් වැස්සියෙකු ගන්නා මෙන් ද, වැඩි වියට පත් වූ සෑම කෙනෙකුගෙන්ම එක් දීනාරයක් හෝ එයට සරිළන සේ යමන් දේශයට අයත් රෙදි පිළි අතරින් මආෆිර් වර්ගයේ රෙදි පිළි ගන්නා මෙන් ද නියෝග කළහ.
[එය අනු සාක්ෂි තුළින් පූර්ව සාධක සහිතය] - [رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد] - [سنن أبي داود - 1576]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් බින් ජබල් (රළියල්ලාහු අන්හු) තුමාව යමන් දේශයේ ජනතාවට ඉගැන්වීම පිණිස හා ඉස්ලාමය වෙත ඔවුන් ඇරයුම් කිරීම පිණිස එහි යැවූහ. ඔහුට කරනු ලැබූ නියෝග අතරින් එක් කරුණක් වූයේ මුස්ලිම්වරුන්ගෙන් ඔවුන්ගේ ගවයින් සඳහා වන සකාත් ලබා ගන්නා ලෙස ය. එනම් ගවයින් තිස් දෙනෙකුට වසරක් සම්පූර්ණ වූ තබීඃ වර්ගයේ ගවයෙකු හෝ තබීආ වර්ගයේ වැස්සියෙකු හෝ සකාත් වශයෙන් ගැනීම හා සෑම හතළිස් දෙනෙකුටම වසර දෙකක් සම්පූර්ණ වූ මුසින්නා වර්ගයේ එළදෙනෙකු සකාත් ලෙස ගැනීමය. එමෙන්ම ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයාගෙන් වැඩිහිටිභාවය ලැබූ සෑම පිරිමියෙකු වෙනුවෙන්ම එක් දීනාරයක් බදු වශයෙන් ගැනීම හෝ දීනාරයකට සමාන වටිනාකමක් ඇති මආෆිරී හෙවත් යෙමන් දේශයේ රෙදිපිළි ගැනීම ය.