عن عبد الله بن عمرو رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «من قَتَلَ مُعَاهَدًا لم يَرَحْ رَائحَةَ الجنة، وإن رِيْحَهَا تُوجَدُ من مَسِيرَة أربعين عامًا».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "c2">“කවරෙකු ගිවිසගත් අයකු මරා දැමුවේ ද ඔහු ස්වර්ගයේ ගන්ධය ආග්රාණය නොකරන්නේමය. සැබැවින්ම එහි ගන්ධය වසර හතළිහක දුරකින් දකිනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසය වාර්තා කර සිටිනුයේ: සැබැවින්ම කවරෙකු කිසිදු යුක්තියකින් තොරව ගිවිසුම තුළ සිටින්නෙකු මරා දමන්නේ ද -එනම් ගිවිසුමෙන් හා ආරක්ෂාව ලැබීමෙන් පසු ඉස්ලාමීය ප්රදේශයට පිවිසුනු අයකු හෝ දිම්මිවරුන්ගෙන් කෙනෙකු ය.- අල්ලාහ් ඔහුට ස්වර්ගයට පිවිසෙන්නට ඉඩ සලසන්නේ නැත. සැබැවින්ම එහි ගන්ධය වසර හතළිහක දුරින් ඔහු ලබනු ඇත. මෙය ඉන් දුරස්වීමට පෙන්වා දී ඇති සාධකයකි. ගිවිසුම තුළ සිටින්නන් හා දිම්මිවරුන්ගේ ජීවත ආරක්ෂා කිරීමට ඉස්ලාමය උනන්දු කරවන අතර සැබැවින්ම කිසිදු යුක්ති ධර්මයකින් තොරව එසේ ඔවුන් ඝාතනය කිරීම මහා පාපයන් අතරින් වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ගිවිසගත් අයකු මරා දැමීම තහනම් වන්නේය. සැබැවින්ම එය මහා පාපයන්ගෙන් එකකි. ඊට හේතුව හදීසය මතු පිටින් පෙනෙන පරිදි ස්වර්ගයට පිවිසීම එය තහනම් කිරීම පෙළ ගැසී ඇති බැවිණි.
  2. ඇතැම් හදීස් වාර්තාවල ‘කිසිදු වරදකින් තොරව’, ‘කිසිදු යුක්තියකින් තොරව’ මරා දැමීම යනුවෙන් සඳහන් වී ඇත. මෙම කොන්දේසිය ෂරීආ නීති අතර ප්රසිද්ධ කොන්දේසියකි.
  3. ගිවිසුම ඉටු කිරීමේ අනිවාර්යභාවය.
  4. සැබැවින්ම ස්වර්ගයට සුගන්ධය ඇති බව සනාථ කිරීම.
  5. සැබැවින්ම ස්වර්ග ගන්ධය ඉතා දුරින් ලබනු ඇත.