عن عقبة بن عامر رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «سَتُفْتَحُ عليكم أَرَضُونَ، ويكفيكم الله، فلا يَعْجِزْ أحدكم أن يَلْهُوَ بِأَسْهُمِه».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් උක්බා ඉබ්නු ආමිර් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ වාර්තා කරන ලදී: “ඔබලා භූමිය ජය ලබනු ඇත. අල්ලාහ් ඔබලාට ප්රමාණවත්ය. (යුද තත්ත්වයක් නොපැවතුනද) විනෝදයට හී විසි කිරීමට නුඹලා කිසිවකු දුර්වල නොවිය යුතුය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

කිසිදු යුද වාතාවරණයකින් තොරව තමන් දේශයන් ජය ගනු ඇතැයි යන පණිවිඩය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අනුගාමිකයන්ට දන්වා සිටියහ. නමුත් දුනු මගින් හී විදීමේ ශාස්තුරය හැදෑරීමට දුර්වල නොවිය යුතු බව ඔවුනට දන්වා සිටියේය. මුස්ලිම්වරුන් විනෝදාංශයට කරන දෑ අතුරින් එය වඩාත් උතුම් කටයුත්තකි. නමුත් එය ඉටු කළ යුතු වගකීමක් පැහැර නොවන තරමට විය යුතුය. හේතුව එය අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට උපකාරී වන බැවිනි. එය වඩාත් ශ්රේෂ්ඨ අරමුණකි. මෙහි විනෝදාංශය යන පදය යෙදී ඇත. හේතුව මිනිස් සිත් එවන් විනෝදාංශවලට ඇල්මක් දක්වති. ඒ අනුව මෙහි පද යෙදී ඇත. එසේ නොවේ නම්, වඩාත් විශිෂ්ටතම අරමුණ වනුයේ එය හැදෑරීමය. එනම් එය හුදෙක් ක්රීඩාවට පමණක් නොව අල්ලාහ්ගේ මාර්ගයේ සූදානම් වීමටය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර