عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «سبق المُفَرِّدُونَ» قالوا: وما المُفَرِّدُونَ ؟ يا رسول الله قال: « الذاكرون الله كثيرا والذاكراتِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “හුදකලා වූවෝ පෙරට ගියහ. “අල්ලාහ්ගේ දූතයාණනි! හුදකලාවූවෝ කවුරුන්ද?යැයි ඔවුහු විමසා සිටියෝය. එවිට එතුමාණෝ “අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් වෙති“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

හදීස්හි තේරුම: අධික වශයෙන් අල්ලාහ්ව මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් සෙසු ජනයාගෙන් වෙන්ව හුදකලා වෙති. අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කිරීම හේතුවෙන් ඔවුන්ට හිමි ප්රතිඵලවලින් ඔවුන්ව පසුකර යනු ඇත. සැබැවින්ම ඔවුහු සෙසු අයට වඩා යහකම් කොට යහපත වෙත පෙරටුගාමීහූ වූවෝය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. “අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් වන ඔවුනට අල්ලාහ් සමාව හා අතිමහත් ප්රතිඵල සූදානම් කොට ඇත.“ අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන් යනුවෙන් සඳහන් එතුමාගේ ප්රකාශය වනාහි කාලයෙන් බොහෝ වේලාවක් එහි නිරත වීම යන අදහස ගෙන දෙයි. විශේෂයෙන් උදේ සවස පවසන ප්රාර්ථනාවන්, අනිවාර්යය සලාතයන්ට පසුව පවසන ප්රාර්ථාවන් මෙන් විශේෂිත වේලාවන්හි ප්රාර්ථනාවන්හි නිරත වීමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර