عن عمران بن حصين رضي الله عنهما قال: كانت بي بَوَاسيرُ، فسألت النبي صلى الله عليه وسلم عن الصلاة، فقال: «صَلِّ قائما، فإن لم تستطع فقاعدا، فإن لم تستطع فعلى جَنْبٍ».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මට අර්ශස් රෝගය හට ගෙන තිබිණ. එවිට මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් සලාතය පිළිබඳ විමසා සිටියෙමි. එවිට එතුමා: "c2">“ඔබ නැගිට සිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

අර්ශස් වැනි රොගයක් වැළඳී ඇති කෙනෙකුට හෝ නැගිට සිටීමට අපහසු හා එවැනි යම් හේතුවක් ඇති උදවියට සලාතය ඉටු කරන ක්රමය මෙම හදීසය පැහැදිලි කර සිටියි. එහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අවධාරණය කළේ මූලික වශයෙන් ඔහු සිට ගෙන සිටීම අත්යවශ්ය වන බවයි. ඒ සඳහා හැකියාවක් නොමැති තත්ත්වයක පසුවන්නෙකු නම් ඔහු වාඩිවෙමින් එය ඉටු කළ යුතු වේ. වාඩි වෙමින් සලාතය ඉටු කළ නොහැකි වූ විට ඔහු ඉළ පැත්ත මතට වී සලාතය ඉටු කළ යුතු වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අනිවාර්යය සලාතයක දී රෝගියකු අවධානය යොමු කළ යුතු අනිවාර්යය පියවරවවල්. ඔහුට හැකියාවක් ඇත්නම් සිටගත් ඉරියව්වෙහි සලාතය ඉටු කිරීම ඔහුට අනිවාර්යය වේ. හේතුව සැබැවින්ම එය සලාතයේ අනිවාර්යය මූලිකාංගයක් වන බැවිනි. එහිදී ඔහු යමක් මත බර වෙමින් හෝ සැරයටියක් බිත්තියක් වැනි දෙයකට හාන්සි වෙමින් හෝ ඉටු කළ යුතු වේ.
  2. නැගී සිට ඉටු කිරීමට හැකියාවක් නොමැත්තේ නම් හෝ ඒ සඳහා අපහසු වූයේ නම් හෝ යමකට බර වෙමින් හෝ ඇල වෙමින් හෝ වාඩි වී සලාතය ඉටු කළ යුතු වේ. රුකූ හා සුජූද් ද තමන්ගේ හැකියාව අනුව ඉටු කළ යුතුයි. වාඩි වීමටත් නොහැකි වූයේ නම් හෝ ඒ සඳහා අපහසු වූයේ නම් හෝ ඔහු ඇල පැත්තට වී සලාතය ඉටු කරයි. දකුණු පැත්තට වීම වඩාත් උතුම්ය. කිබ්ලා දෙසට උඩුබැලි අතට ඉටු කළ ද වලංගු වන්නේය. එයටත් නොහැකි නම් තම හිසෙන් සංඛේතවත් කළ යුතු වේ. සුජූදය සංඛේතවත් කිරීමේ දී රුකූවට වඩා පහත් විය යුතුය. එය ඒ දෙක අතර වෙනස පෙන්වීම සඳහා මෙන්ම රුකූවට වඩා සුජූදය වඩාත් පහත් විය යුතු වන බැවිණි.
  3. නොහැකි අවස්ථාවක හෝ පළමු තත්ත්වයේ සිටින්නට අසීරු අවස්ථාවක හෝ නැගී සිටීමට නොහැකි අවස්ථාවක හැර ඉතා කෙටි කාලයක් තුළ තත්ත්වයකින් තවත් තත්වයකට මාරු නොවිය යුතුය. ඊට හේතුව තත්ත්වයකින් තවත් තත්ත්වයකට මාරු වීමට නොහැකියාව කොන්දේසියක් ලෙස පැනවෙන බැවිනි.
  4. වාඩි වී අනිවාර්යය සලාතය ඉටු කිරීමට වලංගු දුෂ්කරතාවේ සීමාව. එය සලාතයේ පවතින භක්තිමත්භාවය පහව නොයන දුෂ්කරතාවක් විය යුතුය. සැබැවින්ම බැතිමත්කම සලාතයේ අපේක්ෂා කෙරෙන ප්රධානතම කරුණකි.
  5. වාඩි වී සලාතය ඉටු කිරීම වලංගු වන හේතුසාධක බොහෝමයක් ඇත. එය රෝගියකුට පමණක් සීමා වන්නක් නොවේ. පිටතට යා නොහැකි කුඩා වහලක් සහිත තැනක වුව ද එසේය. නැවක්, රුවලක්, වාහනයක් හෝ ගුවන් යානයක් තුළ දී සලාතය ඉටු කිරීමට අවශ්ය වන විට එහිදී නැගිට සිටීමට නොහැකි තත්ත්වයක් මතු වුව ද එසේමය. මේ සියලුම සාධක ඒ සඳහා අනුමැතිය ලබා දෙයි.
  6. සිහිබුද්ධිය යහතින් පවතින කල්තාක් සලාතයේ වගකීමෙන් ඉවත් වන්නේ නැත. රෝගියාට තම හිස සෙලවීමට නොහැකි වූ විටෙක ඔහු තම දෑස් සොලවා සලාතය ඉටු කරයි. රුකූ සඳහා මදක් එය පහත් කොට සුජූද් සඳහා ඊට වඩා වැඩියෙන් පහත් කරයි. තම මුවින් පාරායනය කළ හැකි නම් ඔහු පාරායනය කරයි. එසේ නොමැති නම් ඔහුගේ සිතින් පාරායනය කරයි. තම දෑස පවා සෙලවීමට නොහැකි නම් ඔහු සිතින් සලාතය ඉටු කරයි.
  7. හදීසය පොදුවේ අපේක්ෂා කරනුයේ වාඩි වී සලාතය ඉටු කිරීම කවර තත්ත්වයක හෝ පිහිටිය හැකි බවයි. මෙය ඒකමතික තීන්දුවයි. නමුත් වඩාත් යෝග්යය වනුයේ කවර ක්රමයකින්ද යන්න ගැන මතභේද පවතී. බහුතරයක් පවසා සිටිනුයේ සිට ගන්නා ස්ථානයේ මෙන්ම රුකූවෙන් පසු නැගිටීමෙන් අනතුරුව එරමිණිය ගොතා වාඩි වී සලාතය ඉටු කළ යුතු බව හා සුජූදයෙන් නැගිටින ස්ථානයේ ඉෆ්තිරාෂ් හෙවත් කකුල් මත වාඩි වී සලාතය ඉටු කළ යුතු බවය.
  8. සැබැවින්ම අල්ලාහ්ගේ නියෝග ඉටු කළ යුත්තේ හැකියාව හා ශක්තියට අනුකූලවය. හේතුව අල්ලාහ් කිසිවකුට දැරිය නොහැකි බරක් පටවන්නේ නැත.
  9. ඉස්ලාමීය ෂරීආවෙහි පවතින පහසුව හා අවසරය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “දහම තුළ නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඔහු නොතැබුවේය.” (අල් හජ්:78) “නුඹලාගෙන් සැහැල්ලු කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි.” (අන්-නිසා) අල්ලාහ් තම ගැත්තන්හට දක්වා ඇති කරුණාව අති මහත්ය.
  10. ඉදිරිපත් කර ඇත්තේ අනිවාර්යය සලාතය සඳහා වූ නීතියයි. හදීසයේ සඳහන්ව ඇති පරිදි අතිරේක සලාතය වනාහි, එය කිසිදු හේතුවක් නොමැතිව වුවද වාඩිවී ඉටු කළ හැක. නමුත් හේතුවක් ඇතිව එසේ ඉටු කරන්නේ නම් පූර්ණ කුසල් ඔහුට හිමිවන අතර කිසිදු හේතුවක් නොමැතිව ඉටු කරන්නේ නම් නැගිට සලාතය ඉටු කරන්නාට හිමිවන ප්රතිඵලයෙන් අඩක් පමණක් හිමි වනු ඇත.