عن عمران بن حصين رضي الله عنه قال: كَانَتْ بِي بَوَاسِيرُ، فَسَأَلْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّلَاةِ، فَقَالَ:
«صَلِّ قَائِمًا، فَإِنْ لَمْ تَسْتَطِعْ فَقَاعِدًا، فَإِنْ لَمْ تَسْتَطِعْ فَعَلَى جَنْبٍ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 1117]
المزيــد ...

ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මට අර්ශස් රෝගය හට ගෙන තිබිණ. එවිට මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් සලාතය පිළිබඳ විමසා සිටියෙමි. එවිට එතුමාණෝ:
“ඔබ නැගිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න.” යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 1117]

විවරණය

සලාතයේ මූලික ක්‍රියාවලිය, නැගිට සිට එය ඉටු කිරීම බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. නමුත් කිසිවකුට හෝ ඒ සඳහා හැකියාව නැති අවස්ථාවක ඔහු වාඩි වී සලාතය ඉටු කරයි. වාඩි වී සලාත් ඉටු කිරීමට නොහැකි වූයේ නම් ඔහුගේ ඉල පැත්තට ඇළවී සලාතය ඉටු කිරීමේ හැකියාව ඔහුට ඇත.

හදීසයේ හරය

  1. ස්වයං බුද්ධිය පවතින තාක්කල් සලාතයේ වගකීමෙන් ඉවත් වන්නේ නැත. එබැවින් තමන්ගේ හැකියාවට අනුව සලාතයේ දී තත්ත්වයකින් තවත් තත්ත්වයකට යොමුවීමේ හැකියාව පවතී.
  2. ගැත්තා තමන්ට හැකි දෑ ඉටු කිරීමේ දී ඉස්ලාමය තුළ පවතින අවසරය හා පහසුව.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (62)