عَنْ مُعَاوِيَةَ رَضيَ اللهُ عنهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«الْمُؤَذِّنُونَ أَطْوَلُ النَّاسِ أَعْنَاقًا يَوْمَ الْقِيَامَةِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 387]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති."
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 387]
සලාතය සඳහා අදාන් පවසා ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලි සහිත අය වෙති. එය ඔවුන්ගේ ක්‍රියාව, ඔවුනට හිමි අධික යහපත හා ඔවුනට හිමි ඉමහත් ප්‍රතිඵලයේ පවතින ගෞරවය හේතුවෙනි.