عَنِ ابْنِ عُمَرَ رَضيَ اللهُ عنهما قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِذَا جَمَعَ اللهُ الْأَوَّلِينَ وَالْآخِرِينَ يَوْمَ الْقِيَامَةِ يُرْفَعُ لِكُلِّ غَادِرٍ لِوَاءٌ، فَقِيلَ: هَذِهِ غَدْرَةُ فُلَانِ بْنِ فُلَانٍ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1735]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීන අය හා අවසන් කාලීන අය අල්ලාහ් එකට එක් රැස් කරන විට, වංචා කරන සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් ඔසවනු ලැබේ. පසුව ඔහුට: 'අසවල් පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව මෙය වේ' යැයි පවසනු ලැබේ."
[صحيح] - [متفق عليه] - [صحيح مسلم - 1735]
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීනයන් හා අවසන් කාලීනයන් විනිශ්චය සඳහා අල්ලාහ් එකට එක් රැස් කරන විට, අල්ලාහ් සමග හෝ මිනිසුන් සමග බැඳුණු ගිවිසුම් ඉටු නොකළා වූ වංචනික සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් හිටවනු ලැබේ. එමගින් ඔහුගේ වංචනිකභාවය පැහැදිලි වෙයි. එදින ඔහුට මෙසේ අමතයි." යැයි නබි තුමාණන් පැවසුහ. මෙය මේ පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාවයි. එය එක් රැස් කරනු ලබන පිරිස අබියස ඔහු කළ නපුර විදහා පෑමක් ලෙස ය.