عن أنس بن سيرين قال: «اسْتَقبَلنَا أَنَسًا حِين قَدِم مِن الشَّام، فَلَقِينَاه بِعَينِ التَّمرِ، فَرَأَيتُهُ يُصَلِّي على حِمَار، وَوَجهُهُ مِن ذَا الجَانِب -يعني عن يَسَارِ القِبلَة- فقلت: رَأَيتُك تُصَلِّي لِغَيرِ القِبلَة؟ فقال: لَولاَ أنِّي رَأيتُ رسول الله صلى الله عليه وسلم يَفْعَلُه ما فَعَلتُه».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් ඉබ්නු සීරීන් විසින් වාර්තා කරන ලදී. සිරියාවේ සිට අනස් තුමාණන් පැමිණි මොහොතේ අපි අනස් තුමා ව මුණ ගැසුණෙමු. එතුමා ව මුණ ගැසුණේ ‘අයිනුත් තම්ර්’ නම් ස්ථානයේදීය. එවිට බූරුවකු මත සිට තම මුහුණ වෙනත් දිශාවකට (කිබ්ලාවෙන් වම් දෙසට) හරවා සලාතය ඉටු කරනු මම දුටුවෙමි. එවිට මම ‘ඔබතුමා කිබ්ලා නොවන දිශාවට හැරී සලාතය ඉටු කරනු දුටුවෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා ‘සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ සිදු කරනු දැක නැත්නම් මම ද එය සිදු නොකරමි’ යැයි පැවසුවේය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අනස් ඉබ්නු මාලික් සිරියාවට පැමිණියේය. ඔහුගේ බලයේ මහිමය හා ඔහුගේ දැනුමේ විශාලත්වය හේතුවෙන් ජනයා ඔහු මුණ ගැසෙන්නට පැමිණියෝය. මුස්ලිම්හි වාර්තාව අනුව සඳහන්ව ඇත්තේ සිරියාවට පැමිණියේය යන්නයි. නමුත් එහි අර්ථය. සිරියාවට පැමිණ නැවත හැරී යන අතරවාරයේ අපි ඔහුව මුණ ගැසුණෙමු යන්නය. හේතුව ඔවුහු ඔහු හමුවීමට බසරාවෙන් පිටත් වූයේ ඔහු සිරියාවෙන් පැමිණි අවස්ථාවේදීය. ඔවුන් එතුමාගේ ගමන ගැන දැන සිටි නිසා එතුමා නැවත හැරීයාම යන ප්රකාශය සඳහන් කොට නැත. වාර්තාකරු මෙසේ සඳහන් කරයි. -ඔහුද එසේ හමුවීමට පැමිණි අයගෙන් කෙනෙකි.- සැබැවින්ම එතුමා බූරුවා මත සිට සලාතය ඉටු කරනු දැක ඇත. එවිට එතුමාගේ වමතින් කිබ්ලාව පත් කර ගත්හ. එවිට ඒ ගැන ඔහු එතුමාගෙන් විමසා සිටියේය. එවිට එතුමා: සැබැවින්ම නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් මෙසේ කරනු තමන් දැක ඇති බවත්. එසේ එතුමා සිදු කරනු තමන් දැක නැතිනම් කිසිවිටෙක එසේ නොකරන බවත් ඔවුනට දන්වා සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර