عن جابر بن عبد الله رضي الله عنهما قال: كان النبي صلى الله عليه وسلم إذا توضأ أدار الماء على مِرْفَقَيْهِ.
[صحيح] - [رواه الدارقطني والبيهقي]
المزيــد ...
ජාබිර් ඉබන් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය කළ විටක එතුමාගේ වැළිමිට දෙක වටේ ජලය යන්නට සළස්වා සෝදා හරින්නෙකු වූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බයිහකී එය වාර්තා කර ඇත - ඉමාම් අද් දාරකුත්නී එය වාරතා කර ඇත]
අත් දෙක වැළමිට දෙක දක්වා සෝදා හැරීම අනිවාර්යය කරුණු අතරින් එකක් බව මෙම හදීසය පැහැදිලි කරයි. වැළමිට ආවරණය කිරීම සම්බන්ධයෙන් ස්ථීරව පවසා තිබීම අත් දෙක සේදීමේදී ඒ දෙකත් අතුළත් වන බව මෙයින් පැහැදිලි කරයි.