عن سعد بن عبادة رضي الله عنه أنه قال:
يَا رَسُولَ اللَّهِ، إِنَّ أُمَّ سَعْدٍ مَاتَتْ، فَأَيُّ الصَّدَقَةِ أَفْضَلُ؟، قَالَ: «الْمَاءُ»، قَالَ: فَحَفَرَ بِئْرًا، وَقَالَ: هَذِهِ لِأُمِّ سَعْدٍ.
[حسن بمجموع طرقه] - [رواه أبو داود والنسائي وابن ماجه] - [سنن أبي داود: 1681]
المزيــد ...
සඃද් ඉබ්නු උබාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සඃද්ගේ මව මිය ගොස් ඇත. වඩාත් උතුම් වන දානය කුමක් දැ?"යි විමසා සිටි විට, එතුමාණෝ "ජලය" වේ යැයි පැවසූහ. පසුව ඔහු ළිදක් හාරා දී "මෙය සඃද්ගේ මව වෙනුවෙන්" යැයි පවසා සිටියේය.
[حسن بمجموع طرقه] - [رواه أبو داود والنسائي وابن ماجه] - [سنن أبي داود - 1681]
සඃද් ඉබ්නු උබාදා (රළියල්ලාහු අන්හු) තුමාගේ මව අභාවයට පත් වූවාය. එවිට තම මව වෙනුවෙන් දානයක් ලෙස පිළිගැන්විය හැකි උතුම්ම දානමය වර්ගය කුමක් දැ?යි හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියේය. වඩාත් උතුම්ම දානය වනුයේ ජලය බව එතුමාණෝ පවසා සිටියහ. පසුව ඔහු ළිඳක් හාරා එය තම මවට දානයක් ලෙස පිළිගැන්වීය.