عن عمار بن ياسر رضي الله عنهما قال: «بَعَثَنِي النبي صلى الله عليه وسلم في حَاجَة، فَأَجْنَبْتُ، فَلَم أَجِد المَاءِ، فَتَمَرَّغْتُ فِي الصَّعِيدِ، كَمَا تَمَرَّغ الدَّابَّةُ، ثم أَتَيتُ النبي صلى الله عليه وسلم فَذَكَرتُ ذلك له، فقال: إِنَّمَا يَكْفِيك أن تَقُولَ بِيَدَيكَ هَكَذَا: ثُمَّ ضَرَب بِيَدَيهِ الأَرْضَ ضَرْبَةً وَاحِدَةً، ثُمَّ مَسَحَ الشِّمَالَ عَلَى اليَمِينِ، وظَاهِرَ كَفَّيهِ وَوَجهَهُ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අම්මාර් ඉබ්නු යාසිර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “යම් අවශ්යතාවක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මා එව්වේය. එවිට මා ජුනුබ් තත්ත්වයට පත් වූයෙමි. නමුත් මට ජලය ලැබුණේ නැත. පසුව මම සතුන් පෙරළෙන්නාක් මෙන් පිරිසිදු දූවිලි පසෙහි පෙරළුණෙමි. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ එතුමාට ඒ ගැන සඳහන් කළෙමි. එවිට එතුමා ‘ඔබේ අත් දෙකින් මෙසේ සිදු කිරීම ඔබට ප්රමාණවත් වන්නේය’ යැයි පවසා පසුව තමන්ගේ අත් දෙක පොළව මත එක් වරක් ගසා, පසුව වම් අතින් දකුණත ද එතුමාගේ අත් දෙකෙහි මතු පිට ද එතුමාගේ මුහුණ ද පිරිමැද්දාහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඇතැම් අවශ්යතා සඳහා අම්මාර් ඉබ්නු යාසිර් (රළියල්ලාහු අන්හු) තුමාව පිටත් කර යැවූහ. එවිට ඔහු එක් අවස්ථාවක ස්නානය අනිවාර්යය කරන ජනාබත් තත්ත්වයට පත් විය. ස්නානය කර ඉන් පිරිසිදු වීමට ඔහුට ජලය ලැබුනේ නැත. ජනාබත් වෙනුවෙන් තයම්මුම් කරන නීතිය ඔහු දැන සිටියේ ද නැත. නමුත් එය සුළු කිල්ල සඳහා වූ නීතිය බව දැන සිටියේය. ඒ අනුව සුළු කිලිට්ටෙන් ඉවත් වීම සඳහා වුළූහි ඇතැම් අවයව පිරිසිදු පසින් පිරිමදිනවාක් මෙන් එය සැලකිල්ලට ගෙන ජනාබත් තත්ත්වයෙන් මිදීමට සම්පූර්ණ ශරීරයම ආවරණය වන පරිදි තයම්මුම් සිදුකළ යුතු යැයි හෙතෙම සිතුවේය. එය ජලය වෙනුවටය. පසුව ඔහු ශරීරයම ආවරණය වන තෙක් දූවිලි සහිත පසෙහි පෙරළුණේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණි කල්හි එය ඔහු අධ්යයනය කිරීමෙන් සිදු කළ බැවින් තමන් තුළ තමන් සිදු කළ දෑ රැඳී තිබිණ. පසුව එය වැරදිද නිවැරදිද යනුවෙන් පෙන්වා දෙන මෙන් ඒ ගැන එතුමාට මෙනෙහි කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, ඔබේ මුළු ශරීරයම පසින් ආවරණය කිරීම වෙනුවට ඔබේ අත් දෙක එක් වරක් පොළවට ගසා, පසුව ඔබේ වමතින් ඔබේ දකුණත ද ඔබේ අත් දෙකෙහි මතුපිට ද ඔබේ මුහුණ ද පිරිමැදීම ප්රමාණවත් වන්නේය යැයි පැවසූහ. එය වුළූ වෙනුවට තයම්මුම් ගන්නාක් මෙනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය