عن عبد الله بن سلام رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «يَا أَيُّهَا النَّاسُ، أَفْشُوا السَّلَامَ وَصِلُوا الْأَرْحَامَ، وَأَطْعِمُوا الطَّعَامَ، وَصَلُّوا بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ، تَدْخُلُوا الْجَنَّةَ بِسَلَامٍ».
[صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد والدارمي]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අහෝ ජනයිනි, නුඹලා සලාමය පතුරුවන්න. ලේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහාර සපයන්න. ජනයා නිදමින් සිටියදී රාත්රියේ නැගිට සලාතය ඉටු කරන්න. නුඹලා සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ සාමයෙන් ස්වර්ගයට පිවිසෙන පුද්ගලයින්ගේ ගුණාංග වර්ණනා කරමින්, ප්රශංසනීය කරුණු හතරක් සම්බන්ධයෙන් අවධාරණය කොට දිරිගන්වා ඇත. එම ගුණාංග නම්: සලාමය පතුරුවාලීම, ලේ ඥාතී සම්බන්ධකම් පැවැත්වීම, ආහාර සැපයීම, මිනිසුන් නිදා සිටියදී රාත්රියේ අවදිවී සලාතය ඉටු කිරීමයි. සලාමය පතුරුවාලීම යනු: සලාමය ප්රසිද්ධියේ, හෙළි පිටම අධික ලෙස දන්වා සිටීමය. ආහාර සැපයීම යනු: අවශ්ය අයට අහාර සැපයීමයි. එනම්: තම පවුලට දරුවන්ට නිවසේ වෙසෙන්නන් හට ආහාරය සැපයීමය. තහජ්ජුද් ඉටු කරනු වස් මිනිසෙකු රාත්රියේ නැගී සිට සලාතය ඉටු කළ විට ඔහුගේ ප්රකාශයන් හා ප්රාර්ථානාවන් තුළින් ද ඉතා භක්තිමත්ව හැසිරීමෙන් ද අල්ලාහ් වෙත ඔහු සමීප වනු ඇත. එවිට ජනයා නිදමින් සිටිති. කිසිදු දඬුවමකින් හෝ වේදනාවකින් තොරව ස්වර්ගයට පිවිසෙන ක්රියාදාමයන් අතරින් එය උතුම් ක්රියාදාමයකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර