عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «يقول الله تعالى: أَنَا مَعَ عَبْدِي مَا ذَكَرَنِي وَتَحَرَّكَتْ بِي شَفَتَاهُ».
[صحيح لغيره] - [رواه ابن ماجه وأحمد، ورواه البخاري تعليقاً]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“මා සිහිපත් කරන, මා ගැන (සිහිපත් කිරීමේදී) තම දෙතොල් සෙලවුණු මාගේ ගැත්තා සමග මම වෙමි” යැයි උත්තරීතර අල්ලාහ් පවසා සිටියි.
සහීහ් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

කවරෙකු අල්ලාහ්ව මෙනෙහි කරන්නේ ද අල්ලාහ් ඔහුට ඉතා සමීපයෙන් සිටින බවත් ඔහුගේ සෑම කටයුත්තකදීම ඔහු සමගම සිටින බවත් ඔහුට ආශිර්වාද කර ඔහුට මඟපෙන්වා ඔහුගේ පැතුමට පිළිතුරු දෙන බවත් මෙම හදීසය පෙන්වා දෙයි. මෙම හදීසයේ අර්ථය තවත් හදීසයක මෙසේ වාර්තා වී ඇත. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පවසා ඇති බව ඉමාම් බුහාරි තුමා තම සහීහ් ග්රන්ථයේ මෙසේ දන්වා සිටියි: මාගේ ගැත්තා මා සිහිපත් කරන අයුරින් මම ද වෙමි. ඔහු සිහිපත් කරන විට මම ඔහු සමග වෙමි. ඔහු තුළ ඔහු මා සිහිපත් කරන්නේ නම් මා තුළම මම ඔහුව සිහිපත් කරමි. යම් පිරිසක් අතර මා සිහිපත් කරන්නේ නම් මමද ඔවුනට වඩා උතුම් පිරිසක් අතර ඔහුව සිහිපත් කරමි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර