+ -

عن عائشةَ أمِّ المؤْمنِين رضي الله عنها قالت:
لَمْ يَكُنِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى شَيْءٍ مِنَ النَّوَافِلِ أَشَدَّ مِنْهُ تَعَاهُدًا عَلَى رَكْعَتَيِ الفَجْرِ.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1169]
المزيــد ...

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
පුරුද්දක් ලෙස ෆජ්ර් සලාතයේ අමතර රකආත් දෙක පිළිබඳ යොමු කළ දැඩි අවධානය මෙන්, වෙනත් කිසිදු අමතර සලාතයක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දුවක් නො දැක්වූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 1169]

විවරණය

මුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් සලාතයට පෙර ස්වේච්ඡා සලාතයේ රකආත් දෙක පුරුද්දක් ලෙස ඉතා කැමැත්තෙන් හා සුරක්ෂිතව ඉටු කළා මෙන් වෙනත් කිසිදු අමතර සලාතයක් ඉටු කළේ නැත.

හදීසයේ හරය

  1. ඉටු කළ යුතු අනිවාර්යය සලාතයට අමතරව අතිරේක සලාත් ද ඇත. මින් අදහස් කරනුයේ: අනිවාර්යය සලාත් සඳහා පවතින සුන්නත් සලාතයන් පිළිබඳවය.
  2. අනිවාර්යය සලාතයන්ට අදාළ සුන්නත් සලාතයන් වනුයේ: ෆජ්ර් සලාතයට පෙර රකආත් දෙක, ලුහර් සලාතයට පෙර රකආත් හතර, ඉන් පසු රකආත් දෙක, මග්රිබ් සලාතයට පසු රකආත් දෙක සහ ඉෂා සලාතයට පසු රකආත් දෙකය.
  3. ෆජ්ර් සලාතයට අදාළ සුන්නත් සලාතය ලුහර්, මග්රිබ් හා ඉෂා සලාතයන්ට අදාළ අතිරේක සලතයන් මෙන් නොව, එය ගමනක නිරතව සිටිය ද පදිංචි ව සිටිය ද ඉටු කරනු ලැබේ. නමුත් අනෙකුත් දෑ පදිංචි ස්ථානයේ හැර ඉටු කරනු නො ලැබේ.
  4. ෆජ්ර් සලාතයේ රකආත් දෙක ඉතා වැදගත් බව නිර්දේශ කරනු ලැබේ. ඒ දෙක අත්හැරීම සුදුසු වන්නේ නැත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි الرومانية المجرية الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර