عن عمر بن الخطاب: أن رجلا توضأ، فتَرك مَوْضِع ظُفُر على قَدَمِه، فَأَبْصَرَهُ النبي صلى الله عليه وسلم فقال: «ارْجِع فَأَحْسِنْ وُضُوءَكَ» فرجَع، ثم صلَّى.
[صحيح] - [رواه مسلم]
المزيــد ...

උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙකු (වුළූ) ධෝවනය කළේය. නමුත් ඔහුගේ පාදයේ නියපොත්තක තරම් ඉඩක් අත් හැරී තිබිණ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය දුටුහ. එවිට එතුමා "c2">“ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු.” යැයි පැවසූහ. එසේ ඔහු නැවත සිදු කොට පසුව සලාතය ඉටු කළේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ දන්වා සිටියි. අල්ලාහ් නියෝග කළ පරිදි තම (වුළූ) ධෝවනය පූර්ණවත් නොකළ පුද්ගලයකු වුළූ ගත්තේය. ඔහුගේ පාදයේ නියපොත්තක තරම් ඉඩක් අතහැරී තිබිණ. ඒ වෙත ජලය ගමන් කිරීම ගැන ඔහු නොසළකා හැරීයේය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දැක එතුමාණන් ඔහුට නැවත හැරී ගොස් ආගමික පිළිවත පවසන පරිදි ජලයෙන් ආවරණය කිරීමට අනිවාර්යය වූ අවයවවලින් කිසිදු කොටසක් අත් නොහරින පරිදි වුළූ ධෝවනය කරන මෙන් නියෝග කළහ. පසුව ඔහු නැවත හැරී ගොස් වුළූ ධෝවනය කර පසුව සලාත් ඉටු කළහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර