عن عقبة بن عامر رضي الله عنه مرفوعاً: «من عَلِمَ الرمي، ثم تركه، فليس منا، أو فقد عصى».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

උක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“කවරෙකු දුනු ශිල්පය දැන, පසු ව එය අතහැර දමන්නේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය. එසේ නැතහොත් සැබැවින්ම ඔහු පිටුපෑවේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම හී විසි කිරීම පිළිබඳ හෝ තුවක්කුවකින් වෙඩි තැබීම වැනි නව ආයුධයක් පිළිබඳ හෝ දැනුම ලබා පසුව එය කවරෙකු නිකරුණේ අතහැර දැමුවේ ද සැබැවින්ම ඔහු පාපය වෙත තමන්ව ඉදිරිපත් කළේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පිළිවෙතින් දුරස් විය. එහෙයින් "c2">“ඔහු අප අතරින් කෙනෙකු නොවීය.” යැයි පැවසීය. සැබැවින්ම මෙම පාපය තර්ජනාත්මක මෙන්ම දැඩි අවවාදයෙන් යුත් මහා පාපයන් අතරින් එකක් බව මෙහි ඇති දැඩි අවවාදය තුළින් පෙන්වා දෙයි. "c2">“එසේ නැතහොත් පිටුපෑවේය.” මෙය වාර්තාකරුට මතු වූ සැකයකි. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇත්තේ "c2">“ඔහු අප අතරින් කෙනෙකු නොවීය” යනුවෙන් ද එසේ නැතහොත් "c2">“ඔහු පිටුපෑවේය” යනුවෙන් යන්න ගැන මතු වූ සැකයයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර