عن عَمْرُو بْنُ عَامِرٍ عَنْ ‌أَنَس بن مالك قَالَ:
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ عِنْدَ كُلِّ صَلَاةٍ، قُلْتُ: كَيْفَ كُنْتُمْ تَصْنَعُونَ؟ قَالَ: يُجْزِئُ أَحَدَنَا الْوُضُوءُ مَا لَمْ يُحْدِثْ.

[صحيح] - [رواه البخاري]
المزيــد ...

අම්ර් ඉබ්නු ආමිර් තුමා, අනස් ඉබ්නු මාලික් තුමා විසින් ලබා මෙසේ වාර්තා කරන ලදී.
සෑම සලාතයකදීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ දෝවනය කර ඇත්තාහ. ඔබලා ක්‍රියා කරමින් සිටියේ කෙසේ ද යැයි මම ඇසුවෙමි. ඔහු: අප අතරින් යමෙකු කිලිටි තත්ත්වයට පත් නොවන තාක් කල් වුළූ දෝවනය වලංගු කර ගත්තේය" යැයි පැවසීය.

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වුළූ දෝවනය නො බිඳුන ද එතුමාණෝ සෑම අනිවාර්යය සලාතයක් සඳහාම වුළූ දෝවනය කළහ. එය කුසල් හා මහිමය ලබනු පිණිසය.
එක් වුළූ දෝවන වාරයකින් එය නොබිඳෙන කල්තාක් අනිවාර්යය සලාත් කිහිපයක්ම ඉටු කිරීමේ අනුමැතිය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ වැඩිම ක්‍රියා වාරයන් වනුයේ සෑම සලාතයක් සඳහාම වුළූ ගැනීමය. එය පරිපූර්ණත්වය අපේක්ෂා කරමිනි.
  2. සෑම සලාතයක් සඳහාම වුළූ ගැනීම සතුටුදායකය.
  3. එක් වුළූ දෝවනයකින් සලාත් ගණනාවක් ඉටු කිරීමේ ඇනුමැතිය.
අමතර