عن عَمْرُو بْنُ عَامِرٍ عَنْ أَنَس بن مالك قَالَ:
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ عِنْدَ كُلِّ صَلَاةٍ، قُلْتُ: كَيْفَ كُنْتُمْ تَصْنَعُونَ؟ قَالَ: يُجْزِئُ أَحَدَنَا الْوُضُوءُ مَا لَمْ يُحْدِثْ.
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 214]
المزيــد ...
අම්ර් ඉබ්නු ආමිර් තුමා, අනස් ඉබ්නු මාලික් තුමා විසින් ලබා මෙසේ වාර්තා කරන ලදී.
සෑම සලාතයකදීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ දෝවනය කර ඇත්තාහ. ඔබලා ක්‍රියා කරමින් සිටියේ කෙසේ ද යැයි මම ඇසුවෙමි. ඔහු: අප අතරින් යමෙකු කිලිටි තත්ත්වයට පත් නොවන තාක් කල් වුළූ දෝවනය වලංගු කර ගත්තේය" යැයි පැවසීය.
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري - 214]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වුළූ දෝවනය නො බිඳුන ද එතුමාණෝ සෑම අනිවාර්යය සලාතයක් සඳහාම වුළූ දෝවනය කළහ. එය කුසල් හා මහිමය ලබනු පිණිසය.
එක් වුළූ දෝවන වාරයකින් එය නොබිඳෙන කල්තාක් අනිවාර්යය සලාත් කිහිපයක්ම ඉටු කිරීමේ අනුමැතිය.