عن عبدِ الله بن عمرو رضي الله عنهما قال:
كنتُ أكتبُ كلَّ شيءٍ أسمعُه من رسولِ الله صلَّى الله عليه وسلم أُريدُ حفْظَه، فنهتْني قريشٌ، وقالوا: أتكْتبُ كلَّ شيءٍ تَسمَعُه من رسول الله صلَّى الله عليه وسلم، ورسولُ الله صلَّى الله عليه وسلم بَشَرٌ يتكلَّمُ في الغضَبِ والرِّضا؟ فأمسَكتُ عن الكتاب، فذكرتُ ذلك لرسول الله صلَّى الله عليه وسلم، فأومأ بإصبَعِه إلى فيه، فقال: «اكتُبْ، فوالذي نفسي بيدِه، ما يَخرُجُ منه إلا حقٌّ».
[صحيح] - [رواه أبو داود] - [سنن أبي داود: 3646]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මා සවන් දෙන සෑම දෙයක්ම ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් ඒවා සටහන් කර ගන්නෙකු ව සිටිමි. එවිට කුරෙයිෂ්වරු මා වළක්වා මෙසේ පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන් කෝපයෙහි හා සතුටෙහි සිටින විට කතා කරන මිනිසෙකු ලෙස සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් සවන් දෙන සෑම කරුණක්ම ඔබ ලියන්නෙහි ද? පසුව මම ලිවීම නතර කළෙමි. ඒ ගැන මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත සැළ කර සිටියෙමි. එවිට එතුමාණෝ තම ඇගිල්ල තම කට දෙස පෙන්වා "ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැත" යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත] - [سنن أبي داود - 3646]
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියේය: අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මා සවන් දෙන සෑම දෙයක්ම ලිඛිතව ආරක්ෂා කිරීම පිණිස ඒවා සටහන් කර ගන්නෙකු ව සිටිමි. එවිට කුරෙයිෂ්වරුන් පිරිසක් මා වළක්වා මෙසේ පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන් කෝපයෙහි හා සතුටෙහි සිටින විට කතා කරන මිනිසෙකි. ඇතැම් විට වැරදෙන්නට ඉඩ ඇත. පසුව මම ලිවීම නතර කළෙමි.
පසුව ඔවුන් පවසා සිටි දෑ ගැන මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත දන්වා සිටියෙමි. එවිට එතුමාණෝ තම ඇගිල්ල තම කට දෙස පෙන්වා "ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. කෝපයෙහි හෝ සතුටෙහි ද කවර තත්ත්වයක පසුවුව ද මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැති" බව පැවසූහ.
උත්තරීතර අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් ගැන මෙසේ පැවසීය: "තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි. එය හෙළි දරව් කරන ලද දිව්ය පණිවිඩ මිස නැත." (අන්-නජ්ම්: 3,4)