عَنْ ‌أَبِي هُرَيْرَةَ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ:
«سَيَكُونُ فِي آخِرِ أُمَّتِي أُنَاسٌ يُحَدِّثُونَكُمْ مَا لَمْ تَسْمَعُوا أَنْتُمْ وَلَا آبَاؤُكُمْ، فَإِيَّاكُمْ وَإِيَّاهُمْ».

[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"මාගේ සමූහයාගේ අවසන් කාලයේ නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ සවන් නොදුන් දෑ නුඹලාට පවසා සිටින පිරිසක් මතු බිහිවනු ඇත. එබැවින් නුඹලා වැළකී සිටිනු. ඔවුන් ද වැළකී සිටිය යුතුය."

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

තම සමූහයාගේ අවසන් කාලයේ බොරු ගොතා පවසන මිනිසුන් බිහිවනු ඇති බවත් ඔවුනට පෙර සිටි කිසිවකු නොපැවසූ දෑ ඔවුන් පවසා සිටිනු ඇති බවත් ගොතන ලද බොරු හදීස් දන්වා සිටිනු ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එබැවින් ඔවුන්ගෙන් දුරස්වන මෙන් ද ඔවුන් සමග වාඩි නොවන මෙන් ද ඔවුන්ගේ කතාවට සවන් නොදෙන මෙන් ද එතුමාණෝ අපට නියෝග කළහ. එය, ගොතන ලද හදීස් සිත් තුළ සහතික නොවනු පිණසය. එසේ වී නම්, ඉන් මිදීමට අපොහොසත් වන්නෙමු.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මෙය නබිත්වයේ අනාවැකි අතරින් වූ එක් අනාවැකියකි. සැබැවින්ම තම සමූහයා අතර සිදුවන්නට යන දෑ ගැන එතුමා දන්වා සිටියේය. එතුමාණන් දන්වා සිටි පරිදිම එය සිදු විය.
  2. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි හෝ ඉස්ලාම් ආගම කෙරෙහි හෝ බොරු ගොතා පවසන්නන්ගෙන් දුරස් වීම. ඔවුන්ගේ බොරුවට සවන් නොදීම.
  3. හදීස් වල සත්‍යතාව සහතික කිරීමෙන් හා ස්ථීර කර ගැනීමෙන් තොරව ඒවා පිළිගැනීම හෝ ඒවා ප්‍රචාරය කිරීම ගැන අවවාදය.
අමතර