+ -

عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضيَ اللهُ عنهُ قَالَ:
وُقِّتَ لَنَا فِي قَصِّ الشَّارِبِ، وَتَقْلِيمِ الْأَظْفَارِ، وَنَتْفِ الْإِبِطِ، وَحَلْقِ الْعَانَةِ، أَلَّا نَتْرُكَ أَكْثَرَ مِنْ أَرْبَعِينَ لَيْلَةً.

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 258]
المزيــد ...

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය:
"උඩු රැවුල කොට කිරීම, නියපොතු කපා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, රහස්‍ය පෙදෙසේ ඇති රෝම බෑම යනාදිය දින හතළිහකට වඩා අත් නොහරින මෙන් එතුමාණෝ අපට නියම කළහ."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 258]

විවරණය

උඩු රැවුල කොට කිරීම, අත් හා පාදවල නියපොතු කපා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, රහස්‍ය පෙදෙසේ පවතින රෝම බෑම යනාදිය දින හතළිහකට වඩා අත් නොහරින මෙන් පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියම කළහ.

හදීසයේ හරය

  1. ෂව්කානී තුමා මෙසේ පවසයි: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සීමා කළ දින හතළිහ මත සීමා වීම ගැන සලකා බැලුවහොත්, එම කාලය පසු කිරීම සුදුසු නොවන්නේ ය. නියමිත කාලයට වඩා දිගු වීමෙන් පසු අවසාන ඉලක්කය දක්වා කොට කිරීම හෝ එවැනි දෙයක් අත් හැරීම සුන්නාවට පටහැනි කාර්යයක් ලෙස සලකනු නොලැබේ."
  2. ඉබ්නු හුබෙයිරා තුමා මෙසේ පවසයි: "මෙම හදීසය පෙන්වා දී ඇත්තේ එය ප්‍රමාද කිරීමේ අවසානය කාලයයි. වඩාත් උචිත වන්නේ මෙම කාලය අවසන් වීමට පෙර ඒවා ඉවත් කිරීම ය."
  3. පිරිසිදුකම, පිරිසිදු කිරීම හා අලංකාරය ගැන ඉස්ලාමය අවධානය යොමු කර ඇත.
  4. උඩු රැවුල කොට කිරීම යනු උඩු තොල මතු පිටින් වැවී ඇති රෝම ඉවත් කිරීම ය.
  5. කිහිලි රෝම ඉවත් කිරීම යනු: එහි වැවී ඇති රෝග ඉවත් කිරීම ය. බාහු සන්ධියේ ඇතුළු කොටස ය.
  6. රහස්‍ය අවයව අවට පවතින රෝම බෑම යනු පිරිමියකුගේ හෝ කාන්තාවකගේ ලිංගය හා යෝනිය අවට වැවී ඇති රෝම ය.
අර්ථ කථනය: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි තෙලිගු ස්වාහිලි තායිලන්ත ආසාමි الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية الجورجية المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර