+ -

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«تَهَادَوا تَحَابُّوا».

[حسن] - [رواه البخاري في الأدب المفرد وأبو يعلى والبيهقي] - [الأدب المفرد: 594]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"නුඹලා එකිනෙකා අතර ත්‍යාග පිරිනමා නුඹලා එකිනෙකා අතර සෙනෙහස ඇති කර ගනු."

[හසන් ගණයට අයත් හදීසයකි] - [رواه البخاري في الأدب المفرد وأبو يعلى والبيهقي] - [الأدب المفرد - 594]

විවරණය

මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයා සමග තෑගිබෝග හුවමාරු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. සැබැවින්ම තෑගිභෝග පිරිනැමීම ආදරය ඇතිවීමට හා හදවත් තුළ ලෙන්ගතුකම ඇතිවීමට හේතුවක් වේ.

හදීසයේ හරය

  1. තෑගි හුවමාරුකර ගැනීම සතුටුදායකය. මක්නිසාදයත් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කර ඇති බැවිනි.
  2. තෑගිභෝග පිරිනැමීම ආදරය ඇති වීමේ හේතු සාධකයකි.
  3. තමන් අතර හා ජනතාව අතර ආදරය ඇති කරන ආකාරයේ සියලු ක්‍රියාවන් මිනිසා විසින් සිදු කළ යුතුය. එය තමන්ට හැකි අයුරින් තෑගිභෝග පිරිනැමීමෙන් හෝ මෛත්‍රීව කටයුතු කිරීමෙන් හෝ යහපත් කතාවෙන් හෝ සතුටු මුහුණින් පිළිගැනීමෙන් හෝ විය යුතුය.
අර්ථ කථනය: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි තායිලන්ත ආසාමි الهولندية الغوجاراتية الدرية المجرية الجورجية المقدونية الخميرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර