عن أم المؤمنين ميمونة بنت الحارث رضي الله عنها : أنها أعتقت وَليدَةً ولم تستأذن النبي صلى الله عليه وسلم فلما كان يَومُها الذي يَدورُ عليها فيه، قالت: أشَعَرْتَ يا رسول الله، أني أعتقت وليدتي؟ قال: «أو فعلت؟» قالت: نعم. قال: «أما إنك لو أعطيتها أخوالك كان أعظم لأجرك».
[صحيح] - [متفق عليه]
المزيــد ...

දේව විශ්වාසවන්තයින්ගේ මෑණියකු වූ මය්මූනා බින්ත් අල් හාරිස් -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ඇය වහලියක් නිදහස් කළාය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගෙන් ඇය අවසරය නොපැතුවාය. ඇය වෙත එතුමා පැමිණෙන දින ඇය අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම මාගේ වහලිය මා නිදහස් කළ බව ඔබ නොදන්නෙහිද? යැයි විමසුවාය. එතුමා, ඔබ එසේ කළෙහිද යැයි පැවසූහ. ඇය, එසේය යැයි පැවසුවාය. එතුමා, සැබැවින්ම ඔබ එය ඔබේ මාමාවරුන්ට පිරිනමා තිබුණේ නම් එය ඔබට මහත් කුසලක් වන්නට තිබිණි යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

හදීසයේ තේරුම: සැබැවින්ම උම්මුල් මුඃමිනීන් මය්මූනා -රළියල්ලාහු අන්හා- තුමිය තමන් සතු වහලියක් නිදහස් කළාය. එය අල්ලාහ්ගේ මාර්ගයේ වහලියක් නිදහස් කිරීමේ මහිමය ඇය මැනවින් දැන සිටි බැවිනි. නමුත් ඇය ඒ ගැන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට නොදන්වා, එසේ නැතිනම් ඇයව නිදහස් කිරීම සම්බන්ධයෙන් එතුමාගෙන් අවසර නොපතා සිදු වූවකි. ඇයගේ වාරය පැමිණි කල්හි තමන් සිදු කළ දෑ පිළිබඳ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට දන්වා සිටියාය. එවිට එතුමා එසේ ඔබ කළෙහිද යැයි පැවසීය. ඇය එසේය යැයි පැවසුවාය. එහිදී එතුමා තමන්ගේ අදහස පවසා සිටියා මිස ඇය සිදු කළ දෑ සම්බන්ධයෙන් පිළිකුල් නොකළහ. එතුමා ඇයට මෙසේ පවසා සිටියහ. සැබැවින්ම ඔබ එය ඔබේ මාමාවරුන්ට පිරිනමා තිබුණේ නම් එය ඔබට මහත් කුසලක් වනු ඇත. එහි තේරුම: ඔබ කළ දෑ යහපත්ය. නමුත් සැබැවින්ම ඔබ ඇයව හිලාල් ගෝත්රයේ ඔබේ මාමාවරුන්ට පිරිනමා ඇත්නම් කුසලින් වඩාත් අධික, එමෙන්ම වඩාත් උතුම් වනු ඇත. එය ඔබ ඔබේ සමීප ඥාතීන්ට පිරිනැමීමක් වන බැවිනි යැයි පවසා සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර