عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضيَ اللهُ عنهُما قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَا أَسْكَرَ كَثِيرُهُ فَقَلِيلُهُ حَرَامٌ».

[حسن] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن أبي داود: 3681]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.
"යම් දෙයක් අධික ලෙස ගැනීම මත් බව ඇති කරන්නේ ද, එය සුළු ප්‍රමාණයෙන් වුව ද තහනම් වේ."

[හසන් ගණයට අයත් හදීසයකි] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن أبي داود - 3681]

විවරණය

අධික ලෙස අනුභව කරන විට බුද්ධිය අඳුරු කරන කවර හෝ ආහාර පානයක්, බුද්ධිය අඳූරු නොකළ ද, ඉන් සුළු ප්‍රමාණයක් පවා පරිභෝජනය කිරීම තහනම් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.

හදීසයේ හරය

  1. මිනිසුන්ගේ සිහිබුද්ධිය ෂරීආ නීතිය ආරක්ෂා කරයි.
  2. කඩතුරාවන් අවහිර කිරීම ගැන සලකා බැලීමේ වලංගුභාවය. එහෙයින් පිළිකුල් සහගත දෑ වෙත යොමු කරන සියල්ල අවහිර කරනු ලැබේ.
  3. මත්බව ඇති කරන සුළු ප්‍රමාණයක් වුව ද තහනම් කරන ලදී. මක්නිසාද යත් එය මත්බව ඇති කිරීමේ මාධ්‍යයක් වන බැවිනි.
  4. සුළුවෙන් හෝ වේවා විශාල වශයෙන් හෝ වේවා මත් බව ඇති නොකරන විටෙක එය තහනම් වන්නේ නැත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි අමතර (31)