عن أنس رضي الله عنه قال: دخل النبي صلى الله عليه وسلم المسجد فإذا حبل ممدود بين الساريتين، فقال: «ما هذا الحبل؟» قالوا: هذا حبل لزينب، فإذا فَتَرَتْ تَعَلَّقَتْ به. فقال النبي صلى الله عليه وسلم : «حُلُّوهُ، لِيُصَلِّ أحدكم نشاطه فإذا فَتَرَ فليرقد».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදයට පිවිසුණහ. එවිට කණු දෙකක් අතර එල්ලුනු ලණුවක් විය. එවිට එතුමා මේ ලණුව කුමක් දැයි විමසූහ. “මෙය සෙය්නබ්ගේ ලණුවය. ඇය විඩාවට පත් වූ විට එහි එල්ලී සිටියි“ යැයි පැවසූහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “එය ලිහා දමනු. ඔබ අතුරින් කෙනෙකු දිරිමත්ව සලාතය ඉටු කරනු වස්, ඔහු විඩාවට පත් වී විට නිදා ගනිත්වා!“ යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදයට පිවිසුණහ. එවිට මස්ජිදයේ කණු දෙකක් අතර එල්ලී තිබෙන ලණුවක් එතුමා ඉදිරියේ දුටුහ. එවිට එතුමා තිගැස්සී එය එල්ලී තබන්නට වූ හේතුව ගැන විමසා සිටියහ. එවිට සහාබාවරු -රළියල්ලාහු අන්හුම්, “නියත වශයෙන්ම මෙය සෙය්නබ් සතු ලණුවකි. එතුමිය අතිරේක සලාතයන්හි නිරත වන්නීය. එය දීර්ඝව ඉටු කරන්නීය. ඇයට මහන්සිය දැණුනු විට මෙම ලණුව අල්ලාගෙන සලාතය ඉටු කරන්නීය“ යැයි එතුමාට පැවසූහ. එතුමා එම ලණුව ඉවත් කරන මෙන් නියෝග කොට, නැමදුම් කටයුතු දේව හැඟීමෙන් යුතුව පිළිපදින මෙන්ද එය දිරිමත්ව ඉටු කිරීම තුළින් පිළිගැනීමට ලක්වන බැවින් තෙහෙට්ටුවෙන් එහි ගිලී සිටීමෙන් වැළකී සිටින මෙන්ද දිරිගැන්වූහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර