عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضيَ اللهُ عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَمَّا عُرِجَ بِي مَرَرْتُ بِقَوْمٍ لَهُمْ أَظْفَارٌ مِنْ نُحَاسٍ يَخْمُشُونَ بها وُجُوهَهُمْ وَصُدُورَهُمْ، فَقُلْتُ: مَنْ هَؤُلَاءِ يَا جِبْرِيلُ، قَالَ: هَؤُلَاءِ الَّذِينَ يَأْكُلُونَ لُحُومَ النَّاسِ، وَيَقَعُونَ فِي أَعْرَاضِهِمْ».
[حسن] - [رواه أبو داود] - [سنن أبي داود: 4878]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මම ආරෝහණය වූ කල්හි, තඹ නියපොතු සහිත, මුහුණේ සහ පපුවේ සීරීමට ලක් කරමින් සිටි පිරිසක් පසුකර ගියෙමි. එවිට මම: "අහෝ ජිබ්රිල්! මොවුන් කවුරුන්ද?" යැයි ඇසුවෙමි. හෙතෙම: 'මොවුන් මිනිසුන්ගේ මස් අනුභව කරමින් සිටි එනම් ඔවුන්ට අපහාස කරමින් සිටි උදවිය වේ." යැයි පැවසීය.
[حسن] - [رواه أبو داود] - [سنن أبي داود - 4878]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: ඉස්රා හා මිඃරාජ් රාත්‍රියේ අහසට තමන් ආරෝහණ වූ කල්හි, තඹ නියපොතු සහිත තම මුහුණු සහ පපුව සීරා ඉරා දමමින් සිටින පිරිසක් තමන් පසුකර ගොස් ඇත. එවිට එතුමාණෝ ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමාගෙන්: "මෙම දඬුවමට ලක්වන තරමට මොවුන් සිදු කර ඇත්තේ කුමක් ද?" යැයි විමසා සිටියහ. එවිට ජිබ්රිල් (අලෙයිහිස් සලාම්) තුමා: "මිනිසුන් ගැන කේළාම් පවසමින් කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ අභිමානය කෙළසා කතා කරමින් සිටි අය වෙති." යැයි පැවසීය.