عن كعب بن عياض رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «إن لكل أُمَّة فتنة، وفِتنة أُمَّتي: المال».
[صحيح] - [رواه الترمذي والنسائي في الكبرى وأحمد]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් කඃබ් ඉබ්නු ඉයාළ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම සෑම ප්රජාවකටම අර්බුදයක් ඇත. මාගේ ප්රජාවේ අර්බුදය ධනයයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් කඃබ් ඉබ්නු ඉයාළ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කර ඇත. "c2">“සැබැවින්ම සෑම ප්රජාවකටම අර්බුදයක් ඇත.” එනම් ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ලබන අර්බුදයට ලක් කරනු ලබන කරුණුය. "c2">“මාගේ ප්රජාවේ අර්බුදය ධනයයි.” සැබැවින්ම එය අපේක්ෂාවන් මුළුමණින්ම වළක්වන්නකි. ධනය භුක්ති විඳිමින් විනෝද වීම අවනත භාවයෙන් වෙනතකට යොමු කර මතුලොව අමතක කර දමනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි පෘතුගීසි ස්වාහිලි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර