عَنْ صُهَيْبٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«عَجَبًا لِأَمْرِ الْمُؤْمِنِ، إِنَّ أَمْرَهُ كُلَّهُ خَيْرٌ، وَلَيْسَ ذَاكَ لِأَحَدٍ إِلَّا لِلْمُؤْمِنِ، إِنْ أَصَابَتْهُ سَرَّاءُ شَكَرَ، فَكَانَ خَيْرًا لَهُ، وَإِنْ أَصَابَتْهُ ضَرَّاءُ صَبَرَ، فَكَانَ خَيْرًا لَهُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2999]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සුහෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ කරුණ පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත් ය. එය දේවත්වය විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට හිමි නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එය ද ඔහුට යහපත් වන්නේය.”
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 2999]
යහපත දකින අයුරින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුගේ කරුණ හා ඔහුගේ තත්ත්වයන් පිළිබඳ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මවිතයට පත් වූහ. එය ඔහු ඔහුගේ සියලුම තත්ත්වයන් යහපත් ලෙස දකින බැවිනි. එය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට හැර වෙනත් කිසිවකුට නැති කරුණකි. ඔහුට සතුටුදායක තත්ත්වයන් ඇති වූ විටෙක, ඒ සඳහා ඔහු අල්ලාහ්ට තුති පුද කරයි. එසේ තුති පුද කිරීම හේතුවෙන් ඔහු කුසල් ලබනු ඇත. ඔහුට පීඩාකාරී තත්ත්වයන් ඇති වූ විටෙක ද ඉවසා අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වෙයි. එවිට ද ඉවසීම හේතුවෙන් ඔහු කුසල් ලබනු ඇත. ඔහු සෑම තත්ත්වයක් යටතේම කුසල් ලබමින් සිටියි.