عن أنس رضي الله عنه قال: خطَّ النبيُّ صلى الله عليه وسلم خُطُوطاً، فقال: "هذا الإنسان، وهذا أجَلُهُ، فبينَما هو كذلكَ إذ جاءَ الخَطُّ الأقْرَبُ". عن ابن مسعود رضي الله عنه قال: خطَّ النبيُّ صلى الله عليه وسلم خطاً مربعاً، وخطَّ خطاً في الوسطِ خارجاً منه، وخطَّ خططاً صغاراً إلى هذا الذي في الوسطِ من جانبِه الذي في الوسطِ، فقال: «هذا الإنسانُ، وهذا أجلُهُ محيطاً بِه -أو قد أحاطَ بِه- وهذا الذي هو خارجٌ أملُهُ، وهذه الخُطَطُ الصِّغَارُ الأعْرَاضُ، فإن أخطَأهُ هذا، نَهَشَهُ هذا، وإن أخطَأهُ هذا، نَهَشَهُ هذا».
[صحيحان] - [حديث أنس: رواه البخاري ولفظه في البخاري: "هذا الأمل"، بدل: "هذا الإنسان". حديث ابن مسعود: رواه البخاري]
المزيــد ...

අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඉරි කිහිපයක් ඇද මෙය මිනිසාය මෙය ඔහුගේ අවසන් කාලයයි. ඒ අතර ඔහු මෙසේය එවිට කෙටි රේඛා ගෙන ආහ. ඉබ්නු මස්ඌද්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හතරස් කොටුවක් ඇද මැදින් ඉන් පිටතට යන තෙක් ඉරක් ඇන්ඳහ. කොටුව තුළ වූ මැද ඉරෙහි මැදින් ඉරි කිහිපයක් ඇන්ඳහ. පසුව (( මෙය මිනිසාය. මෙය ඔහු වටලා ඇති ඔහුගේ අවසන් කාලයයි. ඉන් පිටතට ගිය ඉර ඔහුගේ ආශාවය. හරහට ඇති කුඩා ඉරි වනාහි, එය වරදවා ගත්තේ නම් එය ඔහු විනාශ කර දමනු ඇත. තවද ඔහු එය වරදවා ගත්තේ නම් එය ඔහු විනාශ කර දමනු ඇතැයි පැවසූහ.))
එම හදීසයේ වාර්තාවන් දෙක සමග පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීස් දෙකෙහිම මිනිසාගේ ආශාවන්, ඔහුගේ අවසන් කාලය, ඔහුට බාධා පමුණුවන බාධක පිළිබඳ උපමා ගෙන හැර දක්වා ඇත. එම බාධකයන් අතුරින් එකකි මරණය. ඒවායින් ඔහු සුරක්ෂිතව සිටීයද ඔහුගේ කාලය අවසන් වන විට ඔහු වෙත මරණය පැමිණෙනු ඇත. මෙම ඉරි ඔහු සතු බාධක හා අනතුරුය. එකකින් සුරක්ෂිත වුව ද තවකකින් සුරක්ෂිත නොවෙයි. රෝගාබාධය හෝ ධනය විනාශ වීම හෝ මේ හා සමාන වෙනත් සියලුම ආකාරයේ උවදුරුවලින් ඔහු සුරක්ෂිතව සිටියද අවසානය ඔහු වෙත ළඟා වන්නේය. මෙම හේතූන් නිසා ඔහු මරණයට පත් නොවුද කාලය හේතුවෙන් මරණයට පත් වන්නේය. මෙවන් අන්ත්රරාවන්හි මිනිසා සිටිනුයේ එලෙසය. එවිට සමීප රේඛාව ඔහු දෙසට ගෙන ආවේය. එනම් එය අවසන් කාලයයි. තම ආශාවන් සීමා කර ගන්නටත් අවසන් කාලය ක්ෂණකිව පැමිණීම හේතුවෙන් එයට සූදානම් වන්නටත් මෙම හදීසයේ දිරි ගන්වා ඇත. විනාශය යන අර්ථය ගෙන දෙන නහ්ෂ් යන අරාබි පදය විෂ සහිත තුත්තිරිවලට පවසන ලද්දකි. එය විනාශය හා ඇතිවෙන හානියෙහි අතිශයෝක්තිකම පෙන්වා දෙන්නකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර