عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ رضي الله عنه قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«نَضَّرَ اللَّهُ امْرَأً سَمِعَ مِنَّا شَيْئًا فَبَلَّغَهُ كَمَا سَمِعَ، فَرُبَّ مُبَلِّغٍ أَوْعَى مِنْ سَامِعٍ».
[صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد] - [سنن الترمذي: 2657]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක.
[පූර්ව සාධක සහිත හදීසයකි] - - [سنن الترمذي - 2657]
කවරෙතු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට සවන් දී අන් අයට එය දන්වා සිටිය හැකි පරිදි එය කටපාඩම් කර ගත්තේ ද ඔහු වෙනුවෙන් මෙලොව අලංකාරය, සතුට හා ප්‍රමෝදය සඳහා ද ස්වර්ගයේ පවතින සැපත හා මතුලොවෙහි පවතින ආශිර්වාදය හා සතුට වෙත අල්ලාහ් සේන්දු කරවීම සඳහාද ප්‍රාර්ථනා කළහ. ඇතැම් විට හදීසය දැනුම් දෙන තැනැත්තාට වඩා එය ලබන තැනැත්තා වඩාත් ධාරණ හැකියාව ඇති, වඩාත් අවබෝධයක් ඇති ඉන් කරුණු මනා ලෙස පරිශීලනය කර ගත හැකි අයකු විය හැක. ඒ අනුව පළමුවැන්නා ධාරණය කිරීමට හා සම්ප්‍රේශණය කිරීමට බැඳී ඇති අතර දෙවැන්නා වටහා ගැනීමටත් කරුණු පරිශීලනය කර මතු කර ගැනීමටත් බැඳී සිටියි.