عن أبي سعيد الخدري رضي الله عنه قالَ: قالَ رسولُ اللهِ صلى الله عليه وسلم : "يُوشَكُ أنْ يكونَ خيرَ مالِ المسلمِ غَنَمٌ يَتَّبعُ بها شَعَفَ الجبالِ، ومواقعَ القطرِ يَفِرُّ بدينِهِ من الفتنِ".
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“මුස්ලිම්වරයෙකුගේ හොඳම සන්තකය, කඳු හෙල් හා වැහි බිඳු වැටෙන බිම් වෙත හඹා යන බැටළුවන් මෙන් වීමය. ඔහු තම දහම හේතුවෙන් අර්බුදයෙන් පළා යනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

අර්බුද ඉවත් කිරීමේ හැකියාව හා බලය ඇති මිනිසුන් හැර අර්බුද ඇති කාලවලදී හුදකලා වීමෙහි මහිමය මෙම හදීසයේ සඳහන්ව ඇත. තැනට හා වාතාවරණයන්ට ඔබින පරිදි සැමට පොදු වූ අනිවාර්යය කටයුත්තක් හෝ වේවා පිරිසකට පමණක් අනිවාර්යය වූ කටයුත්තක් හෝ වේවා එය ඉවත් කිරීම සඳහා පරිශ්රමය යෙදීම එසේ හැකියාව ඇත්තන්හට අනිවාර්යය වන්නේය. නමුත් අර්බුද නොමැති දිනයන්හි එසේ හුදකලා වීම හෝ මිශ්රව සිටීම ගැන, ඒ දෙකින් වඩාත් උතුම් වන්නේ කුමක්ද යන්න වග විද්වතුන් අතර මතභේද පවතී. තෝරා ගනු ලබනුයේ බොහෝ විට පාපයේ වැටෙනු ඇතැයි නොසිතන්නන් එසේ මිශ්රව සිටීම උතුම්ය යන්නයි. ‘ඔහුගේ දහම හේතුවෙන් අර්බුදයෙන් පළා යයි’ එනම් ඔහුගේ දහම හේතුවෙන් අර්බුධයේ වැටෙනු ඇතැයි බියවීම හේතුවෙන් ඉන් පළා යාමය. දේව ආදේශිත ප්රදේශයෙන් ඉස්ලාමීය ප්රදේශයක් වෙත නික්ම යෑමත් දුෂ්ට ප්රදේශයෙන් සාමකාමී ප්රදේශයක් වෙත නික්ම යෑමත් මිනිසාට නියෝග කර ඇත්තේ එබැවිණි. මිනිසුන් හා කාලය වෙනස් වූ විට ද එලෙසය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර