عن ابن عمر رضي الله عنهما قال: قال النبي صلى الله عليه وسلم : «أَفْرَى الفِرَى أن يُرِيَ الرجل عينيه ما لم تَرَيَا».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුසාවෙන් බරපතලම මුසාව වනුයේ මිනිසා, තම දෑසින් නොදුටු දෙයක් තම දෑසට පෙන්වනු ලැබීය යැයි පැවසීමය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

බොරුවෙන් මහා බොරුව වනුයේ මිනිසා තමා නොදුටු දෙයක් තම සිහිනෙන් හෝ අවදිව සිටිය දී හෝ දුටු බව වාද කිරීමය. ඔහු ඔහුගේ වාදයේ සැබෑ ලෙසින්ම බොරුකාරයෙකි. හේතුව ඔහු කිසිවක් දැක නැත. අවදිව සිටියදී දුටු බවට පවසන බොරුවට වඩා සිහිනෙන් දුටු බවට පවසන බොරුව අති බැරෑරුම්ය. හේතුව තම සිහිනයේ දී මිනිසාට පෙන්වනු ලබනුයේ අල්ලාහ් වෙතින් වූවක් පමණි. එහෙයින් මෙම තත්ත්වයේ බොරු තෙපලීම අල්ලාහ් වෙත බොරු ගෙතීමකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර