عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:
أَلَسْتُمْ فِي طَعَامٍ وَشَرَابٍ مَا شِئْتُمْ؟ لَقَدْ رَأَيْتُ نَبِيَّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَا يَجِدُ مِنَ الدَّقَلِ مَا يَمْلَأُ بِهِ بَطْنَهُ.

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2977]
المزيــد ...

නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"ඔබ කැමති ආහාර පාන පරිභෝජනය කිරීමේ නිදහස ඔබට තිබෙනවා නොවේ ද? නමුත් තම කුස පුරවා ගැනීමට තරම් පහත් ගණයේ රට ඉඳි පවා සොයා ගත නොහැකි තත්ත්වයක මම ඔබේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දැක ඇත්තෙමි.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2977]

විවරණය

නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා: "මිනිසුන් ආශිර්වාද තුළ සිටිති. ඔවුන් තමන් කැමති ප්‍රමාණයකින් ආහාර පාන පරිභෝජනය කරමින්ම සිටිති" යැයි පවසා; පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තත්ත්වය පිළිබඳ දන්වා සිටියේය. "සැබැවින්ම එතුමාණන්ට කුස ගිනි තිබුණ ද එතුමාණන්ගේ කුස පුරවා ගන්නට තරම් පහත් ගණයේ රට ඉඳි පවා සොයා ගත නොහැකි තත්ත්වයක එතුමාණන් පසුවනු මම දැක ඇත්තෙමි."

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සරලභාවය ගැන විස්තර කිරීම.
  2. මෙලොවෙහි සරල ජීවිතයක් ගත කරන්නට හා ආශාවන් අඩුකර ගැනීමට උනන්දු කිරීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදීම.
  3. මිනිසුන් සතුව ඇති සුවපහසුකම් පිළිබඳ ඔවුනට මතක් කර දීම හා ඒ සඳහා අල්ලාහ්ට තුතිවන්ත වීමට දිරි ගැන්වීම.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ආසාමි الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية Kannada الجورجية المقدونية الخميرية البنجابية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර