+ -

عَنْ أَبٍي سَعِيدٍ الخُدْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَلَسَ ذَاتَ يَوْمٍ عَلَى المِنْبَرِ وَجَلَسْنَا حَوْلَهُ، فَقَالَ: «إِنِّي مِمَّا أَخَافُ عَلَيْكُمْ مِنْ بَعْدِي، مَا يُفْتَحُ عَلَيْكُمْ مِنْ زَهْرَةِ الدُّنْيَا وَزِينَتِهَا» فَقَالَ رَجُلٌ: يَا رَسُولَ اللَّهِ، أَوَيَأْتِي الخَيْرُ بِالشَّرِّ؟ فَسَكَتَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقِيلَ لَهُ: مَا شَأْنُكَ؟ تُكَلِّمُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلاَ يُكَلِّمُكَ؟ فَرَأَيْنَا أَنَّهُ يُنْزَلُ عَلَيْهِ؟ قَالَ: فَمَسَحَ عَنْهُ الرُّحَضَاءَ، فَقَالَ: «أَيْنَ السَّائِلُ؟» وَكَأَنَّهُ حَمِدَهُ، فَقَالَ: «إِنَّهُ لاَ يَأْتِي الخَيْرُ بِالشَّرِّ، وَإِنَّ مِمَّا يُنْبِتُ الرَّبِيعُ يَقْتُلُ أَوْ يُلِمُّ، إِلَّا آكِلَةَ الخَضْرَاءِ، أَكَلَتْ حَتَّى إِذَا امْتَدَّتْ خَاصِرَتَاهَا اسْتَقْبَلَتْ عَيْنَ الشَّمْسِ، فَثَلَطَتْ وَبَالَتْ، وَرَتَعَتْ، وَإِنَّ هَذَا المَالَ خَضِرَةٌ حُلْوَةٌ، فَنِعْمَ صَاحِبُ المُسْلِمِ مَا أَعْطَى مِنْهُ المِسْكِينَ وَاليَتِيمَ وَابْنَ السَّبِيلِ - أَوْ كَمَا قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - وَإِنَّهُ مَنْ يَأْخُذُهُ بِغَيْرِ حَقِّهِ، كَالَّذِي يَأْكُلُ وَلاَ يَشْبَعُ، وَيَكُونُ شَهِيدًا عَلَيْهِ يَوْمَ القِيَامَةِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1465]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිනක් මින්බර් වේදිකාව මත වාඩි වී සිටියහ. අප ද එතුමාණන් අවට වාඩි වී සිටියෙමු. එවිට එතුමාණෝ: “සැබැවින්ම මගෙන් පසුව ඔබලා කෙරෙහි මා බියවන කරුණ නම්, මෙලොව චමත්කාරය හා එහි අලංකාරය නුඹලා වෙත විවෘත කරනු ලැබීමය.” යැයි පැවසූහ. එවිට මිනිසෙක්, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! යහපත අයහපත ගෙන දෙයි ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිහඬ වූහ. 'එවිට ඔබට කුමක් වීද? ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග කතා කළ නමුත් එතුමාණන් ඔබ සමග කතා නොකරයි.' යැයි ඔහුට පවසන ලදී. 'සැබැවින්ම එතුමාණන් වෙත වහී පහළ වනු ඇතැයි අපි දැන ගත්තෙමු.' පසුව එතුමාණෝ දහඩිය පිසදමා "ප්‍රශ්නය විමසා සිටි තැනැත්තා කොහේදැ?"යි විමසා සිටියහ. එතුමා ඔහුව ප්‍රශංසා කරන්නට විය. එවිට එතුමාණෝ: සැබැවින්ම "යහපත කිසිවිටෙක අයහපතක් ගෙන එන්නේ නැත. (එයට උපමාවක් නම්) වසන්ත කාලයේ හටගන්නා ශාකවලින් සතුන් මරා දමන දෑ ද එසේ නැතහොත් මාරාන්තික වේදනාවට ලක් කරන දෑ ද ඇත. හරිත තණකොළ පමණක් ආහාරයට ගත් සතුන් හැර. ඒ සතුන් උදරයේ දෙපැත්ත නෙරා යන තරමට අනුභව කර හිරුට නිරාවරණය වී ඌ මළ මූත්‍රා කරයි. නැවතත් එය එලෙස සිදු කරයි. මෙම ධනය ද හරිත හා මිහිරිය. මුස්ලිම්වරයකු තමන් විසින් දුගියාට අනාතයාට මගියාට පිරිනමන දෑ යහපත් විය. -එසේ නැතහොත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළා සේය.- එනම් කවුරුන් හෝ එය අසාධාරණ ලෙස ලබා ගන්නේ නම්, එය තමන් අනුභව කරන නමුත් කුස නොපිරුණු අයකු මෙන් වේ. මළවුන් කෙරෙන් නැවත නැඟිටවනු ලබන දිනයේ එය ඔහුට විරුද්ධව සාක්ෂි දරනු ඇත." යැයි පැවසුහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 1465]

විවරණය

දිනක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මින්බර් වේදිකාව මත වාඩි වී තම අනුගාමිකයින්ට කතා කළහ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ.
ඇත්තෙන්ම මගෙන් පසුව ඔබ වෙනුවෙන් මා අධික ලෙස බිය වන්නේ මහපොළොවේ සමෘද්ධිය, මෙලොවෙහි සුවය, එහි අලංකාරය, එහි චමත්කාරය, එහි පවතින විවිධ සැප පහසුකම්, ඇඳුම් පැළඳුම්, ගහ කොළ තාවකාලික වුව ද එහි අලංකාරය සමග මිනිසා අහංකාරකම් පාන වෙනත් දෑ ඔබ වෙත විවෘත වීම ය.
එවිට මිනිසකු මෙසේ පැවසීය. "මෙලොවෙහි අලංකාරය අල්ලාහ්ගේ ආශිර්වාදය නොවේ ද? මෙම ආශිර්වාදය නැවත හැරී ශාපයක් හා දඬුවමක් බවට පත්වේ ද?"
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිහඬව සිටිනු දුටු ජනයා එසේ ප්‍රශ්න කළ තැනැත්තාට දොස් පවරන්නට ගත්හ. ඇත්තෙන්ම එතුමාණන් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් සිටිනු ඇතැයි සිතූහ.
සැබැවින්ම තමන් වෙත දිව්‍ය පණිවිඩ පහළවෙමින් තිබුණු බව එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැහැදිලි කොට, පසුව එතුමාණන්ගේ නළලින් දහඩිය පිසදමා ප්‍රශ්නය විමසා සිටි තැනැත්තා කොහේදැ?යි විමසා සිටියහ.
මම වෙමි යැයි ඔහු පවසා සිටියේය.
පසුව ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කර, පැසසුමට ලක් කළේය. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. "සැබෑ යහපත යහපත මිස වෙනත් කිසිවක් ගෙන දෙන්නේ නැත. නමුත් මේ අලංකාරය පිරිසිදු යහපතක් නොවේ. හේතුව මතුලොව පූර්ණ ලෙස පිළිගැනීමෙන් වෙනතකට යොමුකර ක්‍රියාකාරකම්, අර්බුධ හා ආශාවන් එහි පවතින බැවිනි." පසුව ඒ සඳහා උපමාවක් ගෙන හැර පෑහ.එවිට එතුමාණෝ, "සැබැවින්ම වසන්ත කාලයේ හට ගන්නා ශාඛ හා එහි හරිතය වනාහි, එය ගොවිපළ සතුන් කැමැත්තෙන් ආහාරයට ගන්නා ශාක වේ. කෑදරකම නිසා අධික ලෙස ආහාරයට ගැනීමෙන් එය උන් මරා දමනු ඇත. එසේ නැතහොත් මරා දැමීමට බලනු ඇත. නමුත් හරිතතණකොල අනුභව කරනවුන් හැර ඌ උගේ කුසේ දෙපැත්ත පිරින තෙක් අනුභව කරයි. පසුව හිරුට නිරාවරණය වී උගේ කුසෙන් සියුම් ගොම පහ කරයි. එසේ නැතහොත් මූත්‍රා කරයි. ඉන්පසු උගේ උදරයේ තිබූ දෑ ඉවතට දමා, එය විකා පසුව එය ගිල දමයි. නැවතත් එලෙස සිදු කර එය අනුභව කරයි."
"සැබැවින්ම මෙම වස්තුව ද මිහිරි හරිත ඔසුවක් මෙනි. එහි අධිකත්වය පුද්ගලයා මරා දමන්නට පුළුවන, එසේ නැතහොත් මාරාන්තික තත්ත්වයට ඔහුව ගෙන යන්නට පුළුවන. නමුත් තමන්ට අවශ්‍ය සුළු ප්‍රමාණයක් ගෙන, අනුමත ක්‍රමයකින් තමන්ට ප්‍රමාණවත් දෑ ලබා එය සීමා කර ගන්නේ නම්, ඉන් හානියක් වන්නේ නැත. එනමුත් මුස්ලිම් තැනැත්තා යහපත් වනු ඇත. මන්ද ඔහු ඉන් දුගියාට අනාථයාට හා මගියාට පිරිනමනු ඇත. කවරෙකු යුක්ති සහගත ලෙස එය ලබන්නේ ද එහි ඔහුට සමෘද්ධිය ලැබෙනු ඇත. කවරෙකු එහ අයුක්ති සහගත ලෙස ගන්නේ ද ඔහු, අනුභව කළත් කුස නොපිරුනු අයකු මෙනි. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ එය ඔහුට එරෙහිව සාක්ෂිකරුවකු වනු ඇත."

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. නවවි තුමා මෙසේ පවසයි: 'කවරෙකු වස්තුව නිත්‍යානුකූල ලෙස උපයා, එය යහපත් කටයුතුවල දී වියදම් කරන්නේ ද, ඔහුට එම වස්තුවෙහි භාග්‍යය ඇති බව මෙහි සඳහන් වී ඇත.'
  2. තම ප්‍රජාවේ තත්ත්වය ගැන හා මතුවට මෙලොව ජීවිතයේ අලංකාරය‌ මෙන්ම එහි අර්බුද ඔවුන් සඳහා විවෘත වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් දැනුම් දී ඇත.
  3. අදහස් ඉතා ලෙහෙසියෙන් තේරුම් කර දීම සඳහා උපමා ඉදිරිපත් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙතකි.
  4. සදකා හෙවත් ධනය පරිත්‍යාග කිරීමට, එය යහපත් මාර්ගවල වියදම් කිරීමට දිරිගැන්වීම, එය ගොඩ ගසා රඳවා තබා ගැනීම ගැන අනතුරු ඇඟවීම.
  5. "සැබැවින්ම යහපත අයහපත ගෙන එන්නේ නැත" යන එතුමාණන්ගේ ප්‍රකාශයෙන් ගත හැකි කරුණ වනුයේ: ඇත්තෙන්ම පෝෂණ සම්පත් බහුල වූයේ නම් එය සමස්තයක් වශයෙන් යහපතකි. නමුත් ඔහුට නපුරක් වනුයේ ලැබිය යුතු අය වෙනුවෙන් අයිතිය නොදී මසුරුකමෙන් ඒවා රඳවා ගැනීමෙන් හා ආගම් අනුමත නො කළ දෑ හි ඒවා වියදම් කර නාස්ති කිරීමෙනි. යහපත වනු පිණිස අල්ලාහ් නියම කළ සෑම දෙයක්ම නපුරක් නොවනු ඇත. ඊට ප්‍රතිවිරුද්ධය එලෙසමය. නමුත් යහපතෙන් ආශීර්වාද ලත් තැනැත්තා තමාට නපුර ගෙන දෙන දෙයකට නිරාවරණය වීමට ඉඩකඩ ඇත.
  6. පිළිතුරු දීමේ දී සිතන්නට අවශ්‍ය වූ විටෙක ඉක්මන් නොවීම.
  7. අත්-තීබී තුමා මෙසේ පවසයි: මින් කණ්ඩායම් හතරක් ගත හැක. කවරෙකු තම ඉල ඇටය ඉදිමෙන තරමට ඉක්මවා රසවත් ආහර අනුභව කරන්නේ ද විනාශය ඉතා ඉක්මණින්ම ඔහු වෙත පැමිණෙනු ඇත. එමෙන්ම කවරෙකු එසේ රසවත් ආහාර අනුභව කළත් රෝගය වැළඳුණු පසු එය වළක්වා ගන්නේ යැයි සිතා තමාවම රවටා ගත්තේ නම්, එය ඔහුව අබිබවා ගොස් ඔහුව විනාශ කර දමනු ඇත. කවරෙකු එසේ රසවත් ආහාර අනුභව කරන නමුත් තමාට අහිතකර දේ ඇත්නම් ඒවා ඉවත් කිරීමට යුහුසුළු වී එය දිරවන තුරු එය ඉවත දැමීමට බැඳී සිටින්නේ ද එවිට ඔහු ආරක්ෂිත වේ. කවරකු ඉක්මාව යාමේ හා තෘප්තිමත් වීමේ අපේක්ෂාවෙන් තොරව අනුභව කරන්නේ ද, ඔහු තමාගේ කුසගින්න නිසි ප්‍රමාණමයට සීමා කර ගනිමින් ඔහුගේ තණ්හාවෙන් ආරක්ෂා වන්නේ ද ඔහුය.
  8. පළමුවැන්නා දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයකු වැනිය. දෙවැන්නා පාපයක් සිදු කළ විටෙක ඉන් ඉවත්වීම ගැන හෝ පශ්චාත්තාප වීම ගැන හෝ නොසැළකිලිමත් වෙමින් කටයුතු කරන පාපියාය. තුන්වැන්න: තම පශ්චාත්තාපය පිළිගනු ලබන පරිදි පශ්චාත්තාපය සඳහා යුහුසුළු වන ව්‍යාකූලත්වයට පත් වූ තැනැත්තකුගේ උපමාවය. සිව්වැන්න: මෙලොව චාම් ජීවිතයක් ගත කරන, මතුලොව ගැන ආශාවෙන් පසුවන තැනැත්තාගේ උපමාවය.
  9. ඉබ්නු මුනීර් තුමා මෙසේ පවසයි: "මෙම හදීසය තුළ අපූරු උපමා ආකාර කිහිපයක්ම තිබේ. ඉන් පළමුවැන්න: ධනය හා එහි වර්ධනය පැළෑටි හා එහි වැඩීම සමග උපමා කර ඇත. දෙවැන්න: ඉපැයීමේ හා ජීවන සාධක සෙවීමේ කාර්යබහුල ලෙස කටයුතු කරන තැනැත්තා තණකොල උලා කෑමේ කාර්යබහුලව නිරත වී සිටන සතුන්ට උපමා කර ඇත. තුන්වැන්න: ඉන් අධික ලෙස ‌‌සොයා ගොඩ ගසා තබා ගැනීම අනුභව කිරීමෙන් හා කුස පුරවා ගැනීමෙන් ඇතිවන හානියට උපමා කර ඇත. සිව්වැන්න: තමන් තුළ හැකියාව තිබිය දී මසුරුකමෙහි අතිශයොක්තියට පත්ව තම ධනය වියදම් කිරීමෙන් බැහැර වූ තැනැත්තා සතෙකු විකා බැහැර කරන ලද ඉපැණැලිවලට උපමා කර ඇත. එය ඉස්ලාමීය පිළිවෙතට අනුව එහි අපිරිසිදුකම කෙතරම්ද යන්න අඟවයි. පස්වැන්න: රැස් කිරිමෙන් හා එකතු කිරීමෙන් දුරස්ව සිටින තැනැත්තා විවේක ගත් විටෙක තම ඉලපත හිරු දෙසට මුහුණලා තබා ගන්නා එළුවෙකුට උපමා කර ඇත. සය වැන්න: කිසිවක් වියදම් නොකිරීමෙන් වැළකී, රැස්කර මිය යන තැනැත්තා, තමන්ට අත්වන හානිය වළක්වා ගැනීම ගැන සැළකිලිමත් නොවී මිය යන සතුන්ට උපමා කර ඇත. සත්වැන්න: සතුරෙකු වීමට බලාපොරොත්තු නොවන පුද්ගලයකු මුදලට සමාන කර ඇත. සැබැවින්ම ඔහු මුදලට ඇති අශාවෙන් වඩාත් ප්‍රවේසමෙන් හා විශ්වාසයෙන් එහි කටයුතු කරයි. එය ලැබිය යුතු සුදුසු තැනැත්තාගෙන් එය වළක්වයි. එය එහි හිමිකරුට දඬුවම් ලැබීමට හේතු සාධකයක් වනු ඇත. අටවැන්න: කිසිදු අයිතියකින් තොරව එය පැහැර ගැනීම බඩකට පිරෙන්නට අනුභව කරන අයකුට උපමා කර ඇත."
  10. අස්-සින්දී තුමා මෙසේ පවසයි. "පුවතක් සම්බන්ධයෙන් කරුණු දෙකක් පිළිපැදිය යුතු වේ. පළමුවැන්න එය ලබන ආකාරයෙන් ලැබීම හා දෙවැන්න එය දැනුම් දෙන ආකාරයෙන් දැනුම් දීමය. ඒ දෙකින් එකක් හෝ අතපසු වූ විටෙක එය හානිදායක වනු ඇත. ඇතැම් විට මෙසේ පැවසිය හැකිය: එය සීමාවන් දෙක අතර අඛණ්ඩතාව පෙන්නුම් කරන්නකි. බෙදා හරිනු ලබන කරුණුවලදී, ඒවා නියම ආකාරයෙන් ලබා ගත් විටෙක මිස එය බෙදා හැරීම පුද්ගලයකුට සුදුසු වන්නේ නැත."
අමතර