عن أبي سعيد الخدري رضي الله عنه مرفوعاً: «يُوضَعُ الصِّراط بين ظَهْرَي جهنم، عليه حَسَكٌ كحَسَك السَّعْدان، ثم يستجيز الناس، فناجٍ مُسَلَّم، ومَجْدوح به ثم ناجٍ، ومحتبَس به فمنكوسٌ فيها، فإذا فرغ اللهُ عز وجل من القضاءِ بين العباد، يفقد المؤمنون رجالًا كانوا معهم في الدنيا يُصلُّون بصلاتهم، ويُزَكُّون بزكاتهم، ويصومون صيامهم، ويحجُّون حجَّهم ويغزون غزوَهم فيقولون: أي ربنا عبادٌ من عبادك كانوا معنا في الدنيا يُصلُّون صلاتنا، ويُزَكُّون زكاتنا، ويصومون صيامنا، ويحجُّون حجَّنا، ويغزون غزوَنا لا نراهم، فيقول: اذهبوا إلى النار فمن وجدتم فيها منهم فأخرجوه، قال: فيجدونهم قد أخذتهم النارُ على قَدْر أعمالهم، فمنهم مَن أخذته إلى قدميه، ومنهم مَن أخذته إلى نصف ساقيه، ومنهم مَن أخذته إلى رُكبتيه، ومنهم من أخذته إلى ثَدْيَيْه، ومنهم من أزرته، ومنهم من أخذته إلى عنقه، ولم تَغْشَ الوجوهَ، فيستخرجونهم منها فيُطرحون في ماء الحياة»، قيل: يا رسول الله وما الحياة؟ قال: «غسل أهل الجنة فينبتون نباتَ الزرعة» وقال مرة: «فيه كما تنبت الزرعة في غُثاء السَّيل، ثم يشفع الأنبياء في كلِّ من كان يشهد أن لا إله إلا الله مخلِصًا فيخرجونهم منها» قال: «ثم يتحنَّنُ اللهُ برحمته على من فيها، فما يترك فيها عبدًا في قلبه مثقالُ حبَّة من إيمان إلا أخرجه منها».
[صحيح] - [رواه ابن ماجه مختصرًا وأحمد]
المزيــد ...

අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“නිරය මධ්යයේ සිරාත් පාලම තබනු ලැබේ. ඒ මත ‘සඃදාන්’ ශාඛ වර්ගයේ කටු මෙන් ඝණ කටුවක් තිබේ. පසුව මිනිසුන් අයැද සිටිති. එහි ආරක්ෂා කරනු ලැබ දිවි ගලවා ගන්නා අය වෙයි. තවද එමගින් සීරීමට ලක්ව පසුව දිවි ගලවා ගන්නා අය ද වේ. එමගින් රඳවා තබනු ලැබ, හිස උඩු යටිකුරු අතට පෙරළනු ලබන අය ද එහි වේ. කීර්තියට පත් සර්වබලධාරී අල්ලාහ් ගැත්තන් අතර තීන්දු ලබා දී අවසන් කළ පසු, තමන් සමග මෙලොවෙහි තම සලාතය මෙන් සලාත් ඉටු කරමින් සිටි, තම සකාතය මෙන් සකාත් පිරිනමමින් සිටි, තම උපවාසය මෙන් උපවාසය රකිමින් සිටි, තම හජ් මෙන් හජ් ඉටු කරමින් සිටි තමන් යුද්ධ කළාක් මෙන් යුද්ධ කරමින් සිටි මිනිසුන්ව දෙවත්වය විශ්වාස කළ ජනයා නොදකිනු ඇත. එවිට ඔවුහු: ‘අපගේ පරමාධපතියාණනි! අපගේ සලාතය මෙන් සලාතය ඉටු කරමින් සිටි, අපගේ සකාතය මෙන් සකාත් නිකුත් කරමින් සිටි, අපගේ උපවාසය මෙන් උපවාසය රකිමින් සිටි, අප යුද්ධ කළාක් මෙන් යුද්ධ කරමින් සිටි ඔබේ ගැත්තන් අතරින් වූ එවන් ගැත්තන්හට කුමක් වීද? ඔවුන්ව අපි නොදකිමු’ යැයි පවසති. එවිට ඔහු: ‘නුඹලා අපා ගින්න වෙත යනු. ඔවුන් අතරින් කවරෙකු එහි නුඹලා දුටුවේ ද ඔවුන්ව එයින් බැහැරට ගනු.’ යැයි පවසයි. පසුව ඔවුන්ගේ ක්රියාවන්ට අනුව අපා ගින්න ඔවුන් හසුකරමින් තිබෙනු ඔවුන් දකිනු ඇත. ඔවුන් අතරින් තම දෙපා දක්වා ග්රහණය කළවුන් වෙති. තවද ඔවුන් අතරින් තම කෙණ්ඩ දෙකෙහි අඩක් දක්වා ග්රහණය කළවුන් ද වෙති. තවද ඔවුන් අතරින් තම දණහිස් දෙක දක්වා තමන්ව ග්රහණය කළවුන් ද වෙති. තවද ඔවුන් අතරින් තම පපුදෙක දක්වා ග්රහණය කළවුන් ද වෙති. ඔවුන් අතරින් ඉණට පැළැන්දවුන් ද වෙති. ඔවුන් අතරින් තම ගෙල දක්වා ග්රහණය කළවුන් ද වෙති. නමුත් ඔවුන්ගේ මුහුණු ආවරණය කරනු නොලැබේ. පසුව එයින් ඔවුන් එළියට රැගෙන ජීවත් කරවන ජලයේ විසි කරනු ලැබේ.’ යැයි පවසයි. ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජීවත් කරවන ජලය යනු කුමක් ද? යැයි විමසනු ලැබීය. එතුමා ස්වර්ගවාසීන් සෝදන ජලයයි. එමගින් කෙතෙහි පැලෑටි මෙන් ඔවුහු හටගනිති.” තවත් වාරයක් මෙසේ කීය. "c2">“කොළරොඩු සමග ගලන ජලයේ පැලෑටි හටගන්නාක් මෙන් ඔවුහු එහි වෙති.” පසුව "c2">“අවංක ලෙසින් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැතැයි සාක්ෂි දැරූ සෑම කෙනෙකු විෂයයෙහිම නබිවරුන් මැදිහත් වී ඔවුන්ව එයින් බැහැර කරති.” යැයි පැවසීය. තවදුරටත් ‘පසුව අල්ලාහ් එහි සිටින්නන් හට තම දයාවෙන් කරුණාව පෙන්වනු ඇත. තම හදවතෙහි අබ ඇටයක තරම් දේව විශ්වාසයක් සහිත ගැත්තෙකු වී නම්, ඔහුව එයින් බැහැර කරනු මිස අත්හැර නොදමනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට උත්තරීතර අල්ලාහ් නිරා ගින්න මධ්යයේ සිරාත් පාලම තබනු ඇත. එම සිරාත් පාලම මත මුඩු කටුවක් තිබේ. පසුව ඒ මතින් ගමන් කරන මෙන් ජනයාට නියෝග කරනු ලැබේ. ඔවුන් අතරින් ඉන් මිදී ආරක්ෂාව ලබන්නන් සිටිති. අපා ගින්න ඔවුනට හිමි වන්නේ නැත. ඔවුන් අතරින් සීරීමට ලක්ව පසුව ආරක්ෂාව ලබා මිදෙන්නන් ද සිටිති. එමෙන්ම ඔවුන් අතරින් අපා ගින්නට වැටෙන්නන් ද සිටිති. අල්ලාහ් තම ගැත්තන්ගේ විනිශ්චය නිමා කොට, ස්වර්ග වාසීන් ස්වර්ගයටත් අපා වාසීන් අපා ගින්නටත් ඇතුළු කළ පසුව, ස්වර්ග වාසීන් අතර සිටින දේවත්වය විශ්වාස කරන්නෝ ඔවුන් සමග මෙලොවෙහි සලාත් ඉටු කරමින්, සකාත් නිකුත් කරමින්, උපවාසය රකිමින්, හජ් ඉටු කරමින්, ඔවුන් සමග එක්ව ජිහාද් කරමින් සිටි පිරිස නොදකිති. එවිට ඔවුහු උත්තරීතර අල්ලාහ්ගෙන්: "c2">“සැබැවින්ම අප සමග මෙලොවෙහි සලාත් ඉටු කරමින්, සකාත් නිකුත් කරමින්, උපවාසය රකිමින් හජ් ඉටු කරමින් හා ජිහාද්හි නිරත වෙමින් සිටි ජනයා අපි නොදකින්නෙමු’ යැයි පවසති. එවිට අල්ලාහ් නුඹලා අපා ගින්න වෙත යනු. ඔවුන්ගෙන් කිසිවකු හෝ නුඹලා එහි දුටුවේ නම් ඔහුව ඉන් බැහැරට ගනු. යැයි පවසයි. එවිට තම ක්රියාවන්ට අනුව අපා ගින්න අත් වූ ඔවුන්ව ඔවුන් දකිනු ඇත. ඔවුන් අතරින් තම දෙපා දක්වා ග්රහණය කළවුන් වෙති. තවද ඔවුන් අතරින් තම කෙණ්ඩ දෙකෙහි අඩක් දක්වා ග්රහනය කළවුන් ද වෙති. තවද ඔවුන් අතරින් තම දණහිස් දෙක දක්වා ග්රහණය කළවුන් ද වෙති. තවද ඔවුන් අතරින් තම පපුදෙක දක්වා ග්රහණය කළවුන් ද වෙති. ඔවුන් අතරින් ගෙල දක්වා ග්රහණය කළවුන් ද වෙති. එනමුත් අපා ගින්න ඔවුන්ගේ මුහුණු වෙත ළඟා නොවෙයි. පසුව ඔවුන් සම්බන්ධයෙන් ඔවුහු මැදිහත් වී අපා ගින්නෙන් බැහැරට ගෙන ජීවත් කරවන ජලයට හෙළනු ලැබේ. එය එහි ගිලෙන්නන් ජීවත් කරවන ජලයයි. ගලා යන ජලයේ පැළෑටි හටගන්නාක් මෙන් ඔවුහු හටගනිති. පසුව එයින් ඔවුන් එළියට රැගෙන ජීවත් කරවන ජලයේ විසි කරනු ලැබේ.’ යැයි පවසයි. ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජීවත් කරවන ජලය යනු කුමක් ද? යැයි විමසනු ලැබීය. එතුමා ස්වර්ගවාසීන් සෝදන ජලයයි. පසුව “අවංක ලෙසින් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැතැයි සාක්ෂි දැරූ සෑම කෙනෙකු විෂයයෙහිම නබිවරුන් මැදිහත් වී ඔවුන්ව අපා ගින්නෙන් බැහැර කරති. පසුව අල්ලාහ් අපා ගින්නේ සිටින්නන් හට තම දයාවෙන් කරුණාව පෙන්වනු ඇත. තම හදවතෙහි අබ ඇටයක තරම් දේව විශ්වාසයක් සහිත ගැත්තෙකු වී නම්, ඔහුව එයින් බැහැර කරනු මිස අත්හැර නොදමනු ඇත.”

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර