عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضيَ اللهُ عنهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ فِي الْجَنَّةِ شَجَرَةً يَسِيرُ الرَّاكِبُ الْجَوَادَ الْمُضَمَّرَ السَّرِيعَ مِائَةَ عَامٍ مَا يَقْطَعُهَا».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2828]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම, ස්වර්ගයේ ගසක් ඇත, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් වසර සියයක් ගමන් කළ ද ඔහු එය තරණය නොකරනු ඇත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2828]
ඇත්ත වශයෙන්ම ස්වර්ගයේ ගසක් ඇති බවත්, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් ඊට පහළින් වසර සියයක් වේගයෙන් ගමන් කළ ද එහි බරවී පවතින අත්තෙහි අවසානය දක්වා ඔහුගේ ගමන ඔහු අවසන් කර නොගන්නා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.