1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් පෙරදිග හෝ අපරදිග ක්ෂිතිජයෙහි දිව යමින් බැබලෙන තාරකාවන් දෙස බලන්නාක් සේ නියත වශයෙන්ම ස්වර්ග වැසියන් ඔවුනට ඉහළින් ඇති කුටිවල වාසය කරන්නන් දෙස බලමින් සිටිති. එය ඔවුන් අතර පවතින තරාතිරම් හේතුවෙනි.

عن أبي سعيد رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «إن أهل الجنة ليَتَراءَوْنَ أهل الغرف من فوقهم كما تَراءَوْنَ الكوكب الدري الغابر في الأفق من المشرق أو المغرب لِتفَاضُلِ ما بينهم» قالوا: يا رسول الله؛ تلك منازل الأنبياء لا يبلغها غيرهم قال: «بلى والذي نفسي بيده، رجال آمنوا بالله وصدقوا المرسلين».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ සඊද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පෙරදිග හෝ අපරදිග ක්ෂිතිජයෙහි දිව යමින් බැබලෙන තාරකාවන් දෙස බලන්නාක් සේ නියත වශයෙන්ම ස්වර්ග වැසියන් ඔවුනට ඉහළින් ඇති කුටිවල වාසය කරන්නන් දෙස බලමින් සිටිති. එය ඔවුන් අතර පවතින තරාතිරම් හේතුවෙනි.“ “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඒ නබිවරුන්ගේ නවාතැන් වෙත ඔවුන් හැර වෙන කිසිවකුට ළඟා විය නොහැකිදැ“යි විමසා සිටියහ. එතුමා, “එසේය, මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ඔවුහු අල්ලාහ් විශ්වාස කොට රසූල්වරන් සත්යය කළ මිනිසුන් වෙති.“

පූර්ව සාධක සහිත හදීසයකි බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

ස්වර්ග වැසියන්ට ඔවුන්ගේ ශ්රේෂ්ටත්වයේ තරාතිරම් අනුව ඔවුන් සතු නවාතැන් වලද වෙනස්කම් පවතී. එය කෙතරම්ද යත්, නියත වශයෙන්ම උසස් තරාතිරම් ඇති ස්වර්ග වැසියන් වනාහි, ඔවුනට වඩා පහළින් සිටින අය ඔවුන් දකිනුයේ තාරකාවන් දකින්නාක් මෙනි.

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
TA தமிழ் التاميلية