عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضيَ اللهُ عنهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ فِي الْجَنَّةِ لَسُوقًا، يَأْتُونَهَا كُلَّ جُمُعَةٍ، فَتَهُبُّ رِيحُ الشَّمَالِ فَتَحْثُو فِي وُجُوهِهِمْ وَثِيَابِهِمْ، فَيَزْدَادُونَ حُسْنًا وَجَمَالًا، فَيَرْجِعُونَ إِلَى أَهْلِيهِمْ وَقَدِ ازْدَادُوا حُسْنًا وَجَمَالًا، فَيَقُولُ لَهُمْ أَهْلُوهُمْ: وَاللهِ لَقَدِ ازْدَدْتُمْ بَعْدَنَا حُسْنًا وَجَمَالًا، فَيَقُولُونَ: وَأَنْتُمْ وَاللهِ لَقَدِ ازْدَدْتُمْ بَعْدَنَا حُسْنًا وَجَمَالًا».
المزيد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම ස්වර්ගයේ වෙළඳ පොළක් ඇත. සෑම සිකුරාදා දිනකම ඔවුහු එහි පැමිණෙති. උතුරු දෙසින් සුළඟක් හමා ඇවිත් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ ඇඳුම්වල හමයි. එවිට ඔවුන් අලංකාරයෙන් හා පැහැපත් බවින් වැඩි වෙයි. පසුව ඔවුන් අලංකාරය හා පැහැපත් බව වර්ධනය වූ තත්ත්වයේ ඔවුන්ගේ පවුල් වෙත හැරී යති. ඔවුන්ගේ පවුලේ උදවිය ඔවුනට මෙසේ පවසති: අල්ලාහ් මත දිවුරා පවසමු, සැබැවින්ම අපෙන් ඔබ වෙන්ව ගිය පසුව අලංකාරයෙන් හා පැහැපත් බවින් ඔබ වර්ධනය වී ඇත. එවිට ඔවුහු ද: අල්ලාහ් මත දිවුරා පවසමු, ඔබ ද අප ගිය පසු අලංකාරයෙන් හා පැහැපත් බවින් වර්ධනය වී ඇත යැයි පවසා සිටිති.