+ -

عن أسامة بن زيد رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال:
«مَا تَرَكْتُ بَعْدِي فِتْنَةً أَضَرَّ عَلَى الرِّجَالِ مِنَ النِّسَاءِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5096]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.
"පිරිමින්ට මහත් හානිදායක අර්බුදයක් ලෙස කාන්තාවන්ට වඩා වෙනත් දෙයක් මගෙන් පසු ව මම ඉතිරි නොකළෙමි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 5096]

විවරණය

තමන්ගෙන් පසුව පිරිමින් වෙත වඩාත් හානිදායක පරීක්ෂණයක් හා පිරික්සුමක් කාන්තාවන් හැර වෙනත් කිසිවක් ඉතිරි නොකළ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැනුම් දෙයි. ඇය තම පවුලෙන් වූ කෙනෙකු වී නම්, ෂරීආ පිළිවෙතට පටහැනිව කටයුතු කරන්නියක් ලෙස ඔහු දැකිය හැක. ඇය පිටස්තර කාන්තාවක් වී නම් ඔහු ඇය සමග ඇසුරු කිරීමෙන් හා හුදෙකලා වීමෙන් අර්බුදය මිස වෙනත් කිසිවක් ඇති වන්නේ නැත.

හදීසයේ හරය

  1. කාන්තාවන්ගෙන් ඇතිවන අර්බුදවලින් මුස්ලිම්වරයා ප්‍රවේසම් විය යුතුය. අර්බුදයට තුඩු දෙන සෑම මාර්ගයක්ම අවහිර කළ යුතු වේ.
  2. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අල්ලාහ්ව තදින් ග්‍රහණය කළ යුතු අතර පෙළඹීම්ලින් ආරක්ෂාව පැතීමේ දී ඔහු වෙත කැමැත්තෙන් නැඹුරු විය යුතුය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර