عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ رَضِيَ اللَّهُ عَنْهُ، وَكَانَ شَهِدَ بَدْرًا، وَهُوَ أَحَدُ النُّقَبَاءِ لَيْلَةَ العَقَبَةِ: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ، وَحَوْلَهُ عِصَابَةٌ مِنْ أَصْحَابِهِ:
«بَايِعُونِي عَلَى أَلَّا تُشْرِكُوا بِاللَّهِ شَيْئًا، وَلاَ تَسْرِقُوا، وَلاَ تَزْنُوا، وَلاَ تَقْتُلُوا أَوْلاَدَكُمْ، وَلاَ تَأْتُوا بِبُهْتَانٍ تَفْتَرُونَهُ بَيْنَ أَيْدِيكُمْ وَأَرْجُلِكُمْ، وَلاَ تَعْصُوا فِي مَعْرُوفٍ، فَمَنْ وَفَى مِنْكُمْ فَأَجْرُهُ عَلَى اللَّهِ، وَمَنْ أَصَابَ مِنْ ذَلِكَ شَيْئًا فَعُوقِبَ فِي الدُّنْيَا فَهُوَ كَفَّارَةٌ لَهُ، وَمَنْ أَصَابَ مِنْ ذَلِكَ شَيْئًا ثُمَّ سَتَرَهُ اللَّهُ فَهُوَ إِلَى اللَّهِ، إِنْ شَاءَ عَفَا عَنْهُ وَإِنْ شَاءَ عَاقَبَهُ» فَبَايَعْنَاهُ عَلَى ذَلِكَ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 18]
المزيــد ...
උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හෙතෙම බද්ර් යුද්ධයට සහභාගී වූ අයෙකි. එමෙන්ම අකබා රාත්‍රියේ ප්‍රමුඛයින් අතරින් කෙනෙකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ ප්‍රකාශ කළ අවස්ථාවේ එතුමාණන් වටා එතුමාණන්ගේ අනුගාමිකයෝ සිටියහ.
"අල්ලාහ්ට කිසිවක් ඔබ ආදේශ නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නොහැසිරෙන බවටත්, ඔබේ දරුවන් ඔබ මරා නොදමන බවටත්, ඔබේ අත් හා ඔබේ පාද අතර ඔබ ගොතන අවලාද ගෙන නොයන බවටත්, යහපත් කටයුතුවලදී පිටු නොපාන බවටත් ඔබ මට ප්‍රතිඥා දෙන්න. ඔබ අතරින් කිසිවකු හෝ මෙය ඉටු කළේ නම්, ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් මත වන්නේය. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කළේ ද මෙලොවෙහි දඬුවම් කරනු ලබන අතර එය ඔහුට ප්‍රතිකර්මයක් වේ. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කොට පසුව අල්ලාහ් එය වසන් කළේ ද එය අල්ලාහ් වෙත වූවකි. ඔහු අභිමත කළේ නම් ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුට දඬුවම් කරනු ඇත." පසුව අපි ඒ සඳහා එතුමාණන්ට දිවුරුම් දුන්නෙමු.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 18]
උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: එතුමා මහා බද්ර් යුද්ධයට සහභාගී වූ අයෙකි. එමෙන්ම -අල්ලාහ්ගේ දූතයාණන් මදීනාවට හිජ්රත් කිරීමට පෙර මක්කාවේ රැඳී සිටියදී- මිනාහි අකබා රාත්‍රියේ දී අල්ලාහ්ගේ දූතයාණන් හට තමන් උදව් කරන මෙන් ප්‍රතිඥා දීමට පෙරමුණ ගත් අය අතරින් ඔහුගේ ප්‍රජාවේ ප්‍රමුඛ අයෙකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් සහාබාවරුන් අතර වාඩි වී සිටිය දී කරුණු කිහිපයක් මත තමන්ට ප්‍රතිඥා දෙන මෙන් එතුමාණෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. පළමුවැන්න: සුළු ප්‍රමාණයෙන් වුව ද අල්ලාහ්ට නැමදුමෙහි කිසිවක් ඔවුන් ආදේශ නොකරන බවටත්, දෙවැන්න: ඔවුන් සොරකම් නොකරන බවටත්, තුන්වැන්න: කාමයේ වරදවා නොහැසිරෙන බවටත්, සිව්වැන්න: ඔවුන්ගේ පිරිමි දරුවන් දිළිඳුකමට බියෙන් හා ගැහැණු දරුවන් ලැජ්ජාවට බියෙන් ඔවුන් මරා නොදමන බවටත්, පස්වැන්න: ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද අතර ඔවුන් ගොතන ලද බොරු නො ගෙනන බවටත්, සෙසු ශරීර අවයව එහි හවුල් වුව ද බොහෝ විට එම ක්‍රියාවන් සිදුවනුයේ ඒ දෙක තුළිනි. හයවැන්න: යහපත් කටයුතුවලදී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පිටු නොපාන බවටත් ය. කවරෙකු එම ප්‍රතිඥාව මත පදනම්ව ඒවා පිළිපදින්නේ ද ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් මත වන්නේය. -ෂිර්ක් හෙවත් දේව ආදේශය හැර- සඳහන් කරන ලද දැයින් කිසිවක් හෝ යමෙක් සිදු කළේ ද මෙලොවෙහි ඔහුට දණ්ඩ නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. එය ඔහුට ප්‍රතිකර්මයක් වන අතර පාපය ඔහුගෙන් ඉවත් වීමට රුකුලක් වේ. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කොට පසුව අල්ලාහ් එය වසන් කළේ ද එය අල්ලාහ් වෙත වූ කරුණක් වන්නේය. ඔහු අභිමත කළේ නම් ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුට දඬුවම් දෙනු ඇත. පසුව සහභාගි වී සිටි සියලු දෙනා ඒ සඳහා එතුමාණන්ට දිවුරුම් දුන්හ.