عن أبي موسى الأشعري رضي الله عنه مرفوعًا: «إنما مَثَلُ الجَلِيسِ الصالحِ وجَلِيسِ السُّوءِ، كَحَامِلِ المِسْكِ، ونَافِخِ الكِيرِ، فَحَامِلُ المِسْكِ: إما أنْ يُحْذِيَكَ، وإما أنْ تَبْتَاعَ منه، وإما أن تجد منه رِيحًا طيبةً، ونَافِخُ الكِيرِ: إما أن يحرق ثيابك، وإما أن تجد منه رِيحًا مُنْتِنَةً».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “දැහැමි සභිකයාට හා නපුරු සභිකයාට උපමාව කස්තූරි උසුලන්නෙකු හා මයිනහමට පිඹින්නෙකු මෙනි. කස්තූරි උසුලන්නා වනාහි, ඔහු ඔබට යමක් දෙයි. එසේ නැතහොත් ඔබ ඔහුගෙන් මිලදී ගනී. එසේත් නැතහොත් ඔහුගෙන් ඔබ සුගන්ධය ලබයි. නමුත් මයිනහමට පිඹින්නා වනාහි, ඔහු ඔබේ ඇඳුම පුළුස්සා දමයි. එසේ නැතහොත් ඔහුගෙන් ඔබ දුර්ගන්ධය ලබයි.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මුස්ලිම්වරයෙක් දැහැමි මිතුරෙකු තෝරා ගැනීමේ අවශ්යතාවය ගැන මෙම හදීසයේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අප දිරිගන්වා ඇත. ඒ අනුව එතුමාණන්: ‘දැහැමි සභිකයාට උපමාව ලෙස කස්තූරි උසුලන්නෙකු සමාන කළේය. විටෙක ඔහු ඉන් ඔබට කිසිදු අය කිරීමකින් තොරව පිරිනමයි. එසේ නැතහොත් ඔබ ඔහුගෙන් එය මිලදී ගනී. එසේත් නැතහොත් ඔබ ඔහුගෙන් සුගන්ධය ලබයි. එමෙන්ම නපුරු සභිකයා වනාහි, -අල්ලාහ් අප ආරක්ෂා කළ යුතුයි.- සැබැවින්ම ඔහු මයිනහමට පිඹින්නෙකු මෙනි. විටෙක ගින්නෙහි බලපෑමෙන් ඔබට ඉහළින් පැමිණ ඔබේ ඇඳුම පුළුස්සා දමන්නට පුළුවන. එසේ නැතහොත් ඔබ ඔහුගෙන් පිළිකුල් ගන්ධයක් ලබනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර