عَنْ أَبِي مُوسَى رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّمَا مَثَلُ الْجَلِيسِ الصَّالِحِ وَالْجَلِيسِ السَّوْءِ كَحَامِلِ الْمِسْكِ وَنَافِخِ الْكِيرِ، فَحَامِلُ الْمِسْكِ: إِمَّا أَنْ يُحْذِيَكَ، وَإِمَّا أَنْ تَبْتَاعَ مِنْهُ، وَإِمَّا أَنْ تَجِدَ مِنْهُ رِيحًا طَيِّبَةً، وَنَافِخُ الْكِيرِ: إِمَّا أَنْ يُحْرِقَ ثِيَابَكَ، وَإِمَّا أَنْ تَجِدَ رِيحًا خَبِيثَةً».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2628]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“දැහැමි සභිකයාට හා නපුරු සභිකයාට උපමාව කස්තූරි උසුලන්නෙකු හා යකඩ කම්මලේ උඳුන පිඹින්නෙකු මෙනි. කස්තූරි උසුලන්නා වනාහි, ඔහු ඔබට යමක් දෙයි. එසේ නැතහොත් ඔබ ඔහුගෙන් මිලදී ගනී. එසේත් නැතහොත් ඔහුගෙන් ඔබ සුගන්ධය ලබයි. නමුත් යකඩ කම්මලේ උඳන පිඹින්නා වනාහි, ඔහු ඔබේ ඇඳුම පුළුස්සා දමයි. එසේ නැතහොත් ඔහුගෙන් ඔබ දුර්ගන්ධය ලබයි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2628]

විවරණය

වර්ග දෙකක ජනයා සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උපමා ඉදිරිපත් කළහ.
පළමු වර්ගය: අල්ලාහ් වෙත හා ඔහුගේ තෘප්තිය කවර දෙයක් මත පිහිටා ඇත්තේ ද ඒ වෙත මග පෙන්වන හා අවනත වීම සඳහා උපකාර කරන ධර්මිෂ්ට මිතුරා හා සභිකයා. ඔහුට උපමාව කස්තූරි ව්‍යාපාරිකයෙකු මෙනි. ඔහු ඔබට යමක් දෙනු ඇත. එසේ නැතහොත් ඔබ ඔහුගෙන් මිලදී ගනු ඇත. එසේත් නැතහොත් ඔහුගෙන් මනා සුවඳක්, සුගන්දයක් ලබනු ඇත.
දෙවැනි වර්ගය: අල්ලාහ්ගේ මාර්ගය අවහිර කරන පාපකම් කිරීම සඳහා සහාය දෙන අධර් මිෂ්ඨ නපුරු මිතුරා සහ සභිකයා ය. ඔබ ඔහු තුළින් පිළිකුල් සහගත ක්‍රියාවන් දකිනු ඇත. එැවන්නකු සමග වාඩි වීමත් සම්බන්ධකම් පැවැත්වීමත් ඔබට අපකීර්තිය ගෙන දෙනු ඇත. ඔහුට උපමාව යකඩ කම්මලේ අඳුන පිඹින කම්මල් කරුවකු මෙනි. ඔහු පිඹින ගිනි පුපුරු ඔබේ ඇඳුම පුළුස්සා දමනු ඇත. එසේ නැතහොත් ඔහු අසළින් ඔබ දුර්ගන්ධයක් ලබනු ඇත.

හදීසයේ හරය

  1. ශ්‍රාවකයාට අදහස පැහැදිලි කර දීම පිණිස උපමා ගෙනහැර පෑමේ අවසරය.
  2. දෙවියන්ට අවනත වන, ධර්මිෂ්ඨ උදවිය සමග වාඩිවීම සඳහා සහ නපුරු ගුණාංග ඇති අධර්මිෂ්ඨ උදවියගෙන් දුරස්වීම සඳහා දිරි ගැන්වීම හා කැමැත්ත ඇති කිරීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (53)
අමතර