+ -

عن أبي هريرة رضي الله عنه أَن النبيَّ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم قَالَ:
«الرَّجُلُ عَلَى دِينِ خَلِيلِهِ، فَلْيَنْظُر أَحَدُكُم مَنْ يُخَالِل».

[حسن] - [رواه أبو داود والترمذي وأحمد] - [سنن أبي داود: 4833]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ වේවා තම කල්‍යාණ මිතුරන් වන්නේ කවුරුන්දැයි මැනවින් බලත්වා!”

[හසන් ගණයට අයත් හදීසයකි] - - [سنن أبي داود - 4833]

විවරණය

පුද්ගලයෙකු තම හැසිරීම් සහ පුරුදු තුළ ඔහුගේ කළ්‍යාන මිතුරා සහ සහකරුට සමාන බවත්, මිත්‍රත්වය සදාචාරයට, හැසිරීමට සහ ක්‍රියාවන්ට බලපාන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. මේ හේතුව නිසා හොඳ මිතුරෙකු තෝරා ගැනීමට එතුමාණෝ මඟ පෙන්වූහ. මක්නිසාද යත් ඔහු තම මිතුරාට විශ්වාසය, යහමඟ සහ යහපත වෙත මඟ පෙන්වන අතර ඔහු තම මිතුරාට උදව් කරුවකු වන බැවිනි.

හදීසයේ හරය

  1. යහපත් මිනිසුන් ඇසුරු කිරීමේ හා එවැන්නන් තෝරා ගැනීමේ නියෝගය සහ අසත් පුරුෂයින් ඇසුරු කිරීමේ තහනම.
  2. "කරීබ්" (සමීපතයා) යනුවෙන් සඳහන් නො කර (අස්-සිද්දීක්) මිතුරා යනුවෙන් නම් කර ඇත්තේ මිතුරා යනු ඔබ තෝරා ගන්නා අයකු වන බැවිනි. සහෝදරයා, සමීප ඥාතියා යනු ඔබට එහි දී ‌තේරීමට කිසිදු අවශ්‍යතාවක් නැත.
  3. ඇසුරුකම ඇති කරගත යුත්තේ කල්පනාකාරීව ය.
  4. පුද්ගලයකුගේ දහම ශක්තිමත් වනුයේ ඔහු දේවත්වය විශ්වාස කරන්නන් ඇසුරු කිරීම තුළිනි. අසත්පුරුෂයින් ඇසුරු කිරීම තුළින් ඔහු එහි දුර්වල වී යනු ඇත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية الموري Malagasy Oromo Kannada الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර