عن أبي هريرة رضي الله عنه قالَ: قالَ رَسُولُ اللَّه -صَلّى اللهُ عَلَيْهِ وسَلَّم-: «والذي نفسي بيده لا تذهب الدنيا حتى يمر الرجل على القبر، فَيَتَمَرَّغَ عليه ويقول: يا ليتني كنت مكان صاحب هذا القبر، وليس به الدِّينُ، ما به إلا البلاء».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මිනිසකු මිණී වල මත ගොස් එහි පෙරළෙමින් අහෝ මාගේ විනාශය මෙම මිණී වල සතු අයගේ ස්ථානයේ මා සිටිය යුතු නොවේද යැයි පවසන තෙක් මෙලොව පහව යන්නේ නැත. ඔහුට ණයක් නොවීය. එය පරීක්ෂාවට ලක්වීමේ හේතුව මිස වෙනකක් නොවීය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ගෞරවණීය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට මෙසේ දන්වා සිටියහ. අවසන් කාලයේ මිනිසකුගේ මිණී වලක් වෙත තවත් මිනිසෙකු ගමන් කර එහි පස් මත පෙරළෙමින් ඔහුගේ ස්ථානයේ තමන් විය යුතු නොවේදැයි ප්රිය කරයි. එය ඔහුට අත්වී තිබෙන මෙලොව අර්බුදකාරී තත්ත්වයන් හා අධික පරීක්ෂණ හා පීඩාවන් හේතුවෙනි. එය මිය ගිය ඇත්තන්, මෙලොවෙහි ඇති අභාග්යයන් හා එහි පීඩාවන්ගෙන් ඉවත්ව සැනසුමෙන් සිටින බැවිනි. මෙම හදීසයේ මරණයට ආශා කිරීමක් සඳහන්ව නැත. එය දන්වා සිටිනුයේ අවසන් කාලයේ මෙවන් තත්ත්වයක් උදාවනු ඇතැයි යන්නයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර