عن أبي صرمة رضي الله عنه مرفوعاً: «من ضارَّ مسلما ضارَّه الله، ومن شاقَّ مسلما شقَّ الله عليه».
[حسن] - [رواه أبوداود والترمذي وابن ماجه وأحمد]
المزيــد ...

අබූ සර්මා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.”
හසන් ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

මුස්ලිම්වරයකුට හානියක් හෝ දුෂ්කරතාවක් ඇති කිරීම හා වේදනාවට පත් කිරීම තහනම් බව මෙම හදීසය පෙන්වා දෙයි. එය ඔහුගේ ශරීරයට හෝ ඔහුගේ පවුලට හෝ ඔහුගේ ධනයට හෝ ඔහුගේ දරුවන්ට හෝ සිදු කිරීම ද ඒ හා සමානය. කවරෙකු මුස්ලිම්වරයකුට හානියක් හෝ දුෂ්කරතාවක් ඇති කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ක්රියාවෙන්ම ඔහුට ප්රතිඵල පිරිනමනු ඇත. එය ඔහුගේ දැහැමි ක්රියාවන් අතපසු කිරීමෙන් හෝ විවිධ අයුරින් හිංසා පීඩා අති කරවමිනි. ඒ අතරට ගනුදෙනුවලදී රැවටීම වංචා කිරීම, අඩුපාඩු සැඟවීම, තම සහෝරදයකුගේ විවාහ යෝජනාවට එරෙහිව විවාහ යෝජනා කිරීම වැනි දෑ ඇතුළත් වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. කවර හෝ ආකාරයකින් මුස්ලිම්වරයාට හිංසා කිරීමේ තහනම.
  2. ප්රතිවිපාකය අදාළ ක්රියාවෙන්ම පිහිටයි.
  3. අල්ලාහ් තම මුස්ලිම් ගැත්තන්හට තම ආරක්ෂාව සැපයීම. සැබැවින්ම අල්ලාහ්ම ඔවුනට අත්වන දැයින් ඔවුන්ව වළක්වාලනු ඇත.
අමතර