عن المُسْتَوْرِد بن شَدَّاد رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «ما الدنيا في الآخرة إلا مِثْل ما يجعل أحدكم أُصْبُعَهُ في اليَمِّ، فلينظر بِمَ يَرْجع!».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

මුස්තව්රිද් ඉබ්නු ෂද්දාද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මතුලොව විෂයයෙහි මෙලොව වනාහි ඔබ අතුරින් කිසිවකු තම ඇඟිල්ල මුහුදට දමා එහි තැවරෙන දෑ මෙන් මිස නැත. නැවත හැරී එනුයේ කුමක් දැයි අවධානයෙන් බලත්වා!“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ තේරුම:මෙලොව ජීවිතය මතු ලොව ජීවිතය හා සම්බන්ධ කොට බැලූ විට මෙලොවෙහි යථාර්ථය දැන ගන්නට සැබැවින්ම ඔබ අපෙක්ෂා කරන්නේ නම්, ඔබේ ඇඟිල්ල මුහුදට දමා පසුව එය ඔසවා එය කුමක් ගෙන දෙන්නේ දැයි අවධානයෙන් බලන්න යන්නයි. මුහුද හා සසඳන විට එය කිසිවක් ගෙන දෙන්නේ නැත. එමෙන්ම මෙලොව ජීවිතය මතුලොව ජීවිතය හා සසඳා බලන විට මෙලොවෙහි කෙටි කාලීන ජීවිතය, විනාශ වී යන ආශාවන් හා මතුලොවෙහි සදාතනිකභාවය, එහි ඇති සුවපහසුකම්වල අඛණ්ඩත්වය යන්න ගැන සැසඳීමේදී තම ඇගිල්ල මුහුදට දැමූ විට එහි තැවරී ඇති ජලයට සමානය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.මෙලොව ජීවිතය මතුලොව විෂයයෙහි ස්වල්පයක් මිස නැත.(තව්බා:38) මෙලොව ජීවිතයේ මැවීම්වලට පිරිනමා ඇති සියලු සැප පහසුකම් ගැත්තෙකු භුක්ති විඳිනුයේ කෙටි කලක් පමණි.එය දෙගිඩියාවෙන් පුරවන ලද්දකි. අප්රසන්න වූ කරුණු සමඟ බැඳී ඇත්තකි.තම අහංකාරය හා මුණීච්චාව හේතුකොටගෙන මිනිසා මෙමගින් කෙටි කාලයක් අලංකාරවත් වෙයි.පසුව එය ඉක්මණින් පහව යයි. ඒ සමගම දුක, ශෝකය හා පසුතැවිල්ල ලුහුබදිනු ඇත.“යමක් ඔබට පිරිනමනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි අලංකරණයක් පමණි. අල්ලාහ් අබියස ඇත්තේ යහපත හා සදා පවතින්නක් ය. ඔබලා වටහා නොගන්නේ මන් ද? (අල් කසස්: 60) අල්ලාහ් අබියස ඇති සදාතනික සැපය, ප්රීතිමත් ජීවිතය, මාලිගා, යහන යන සියල්ල එහි හැඩයෙන් හා එහි ප්රමාණයෙන් ඉතා ශ්රේෂ්ඨය සදාකාලිකය. එය සදාකල් පවතින්නකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර