عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«بَدَأَ الْإِسْلَامُ غَرِيبًا، وَسَيَعُودُ كَمَا بَدَأَ غَرِيبًا، فَطُوبَى لِلْغُرَبَاءِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 145]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"ඉස්ලාමය අමුතු දෙයක් ලෙස ආරම්භ වූ අතර එය අමුතු දෙයක් ලෙස ආරම්භ වූවාක් මෙන්ම නැවත අමුතු දෙයක් ලෙස පෙරළී යනු ඇත. එබැවින් ආගන්තුකයින්ට සුබ ම වේවා!"
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 145]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ සඳහන් කළහ: ඉස්ලාමය මිනිසුන් කිහිප දෙනකුගෙන්, පවුලේ සුළු පිරිසකගෙන් අමුතු දෙයක් ලෙස ආරම්භ වූ අතර එය මෙුතු දෙයක් ලෙස ආරම්භ වූවාක් මෙන්ම එය ක්‍රියාත්මක කරන පිරිස අඩුවී නැවත අමුතු දෙයක් ලෙසම පෙරළී යනු ඇත. එවිට එය නාදුනන දෙයක් බවට පත්වනු ඇත. එබැවින් එවන් ආගන්තුකයින්ට සුබ ම වේවා! ඔවුනට සතුට හා නෙත් පිනවන්නක් වේවා!