عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«لاَ يَزَالُ قَلْبُ الكَبِيرِ شَابًّا فِي اثْنَتَيْنِ: فِي حُبِّ الدُّنْيَا وَطُولِ الأَمَلِ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6420]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මහලු මිනිසෙකුගේ හදවත පැති දෙකකින් තරුණ බව පවතී. එනම්: ලෝකයට ඇති ආදරයෙහි සහ නොනවතින දිගු බලාපොරොත්තුවෙහි ය."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 6420]
සැබැවින්ම වැඩිහිටියා මහලු වියට පැමිණ, ඔහුගේ ශරීරය ද දුර්වල වී ගිය ද, කරුණු දෙකක් සම්බන්ධයෙන් දක්වන ආදරයෙහි ඔහුගේ හදවත තරුණව පවතී. පළමුවැන්න: අධික වස්තුව සොයමින් ලොවට දක්වන ආදරය. දෙවැන්න: දිගු ජීවිතයක්, ආයුකාලයක්, ජීවන සම්පත් හා බලාපොරොත්තු තැබීමේ ආශාව.