عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«أَكْثِرُوا ذِكْرَ هَادمِ اللَّذَّاتِ» يَعْنِي الْمَوْتَ.

[حسن] - [رواه الترمذي والنسائي وابن ماجه] - [سنن ابن ماجه: 4258]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ආශාවන් බිඳ දමන දෑ මෙනෙහි කිරීම වැඩි කර ගන්න" එනම් මරණයයි.

[حسن] - [رواه الترمذي والنسائي وابن ماجه] - [سنن ابن ماجه - 4258]

විවරණය

එය සිහිපත් කිරීම තුළින් මිනිසා මතුලොව මෙනෙහි කරන, තම සිතෙහි ඇති ලෞකික ආශාවන් සඳහා වූ ඇල්ම, විශේෂයෙන් තහනම් කරනු ලැබූ දෑ තුළ පවතින ඇල්ම බිඳ දමන මරණය ගැන අධික ලෙස මෙනෙහි කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දු කළහ.

හදීසයේ හරය

  1. මරණය ලෞකික සැපත බිඳ හෙළයි. නමුත් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු විෂයයෙහි නම්, ඔහු මතුලොව සැපත, ස්වර්ගයේ සැපත හා ඒ තුළ ඇති අතිමහත් යහපත වෙත විතැන් වෙයි.
  2. මරණය මෙනෙහි කිරීම පසුපසින් පාපක්ෂමාව අයැදීම, පාපයෙන් මිදීම, මතුලොව වෙනුවෙන් සූදානම් වීම යනාදී හේතු සාධක පිහිටා ඇත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි ඉන්දුනීසියානු බෙංගාලි අමතර (31)
අමතර